Out of stock

අත අතහැර

අත හැරෙන්නට බැඳුණු අතැගළි
ගලප ගන්නට බැරි හෙයින්
හිත රිදෙන හැම වේදනා මම
උහුල ගන්නෙමි හිත හදන්….
(රේණුකා පත්මපෙරුම)
ඇත්තටම කවුද මේ භාෂිනි කියන්නේ..? භාෂිනිට සාදාරණයක්‌ ඉෂ්ට කරපු ලස්සන පොතක් කියන්නේ මේ … එයාවෙනුවෙන් සාදාරණයක් ඉෂ්ට කරන්න තරම් එයාට මොකක්ද වුන ආසාදරණය එතකොට කවුද මේ හීන අහුරගෙන පතිකුලයට ගිය යුවතිය…?🤔
මේවිගේ පන්හිඳ හෙවත් මංජුලා විතානගේ අක්කිගේ අත අතහැර කියන පොතේ පිටු අතර තමා මේ හැම ප්රශ්නෙකට ම උත්තර තියෙන්නේ මේ හැම ප්රශ්නෙකට ම උත්තර මම කියන්නෑ මොකද මේ පොත කියවන ආදරණිය ඔයාලාටත් වැඩක් තියෙන්න ඕනි නේ…😊
ෂෙවාන් මේ නම ඇහෙද්දිත් තාමත් කෙන්ති තම ලෙයින් පණ ගැහෙන තම කිරි කැටියා මරාගත්ත නරුමයා ඒ විතරක් නෙවෙයි භාෂිනිට අසිමිත ලෙස වද වේදනා දුන් තිරිසන් ගති ඇති නරුම ස්වාමි පුරුෂයා.. මුදල් සහා දේපළ වෙනුවෙන් මේ වැනි දේ කිරීමට අනුබල දුන් නපුරු කුඩම්මා හෙවත් සුදර්මා. මවක් වේලාත් තවත් මවකගේ කිරි සිහිනය උදුරා දමන්න තරම් හිතේ තෙතමනයක් නැති එපාම කරපු ගැහැනියක්.
තම දෙමාව්පියන් පවා පවුලේ නම්බුවට කැලැලක් වෙයි කියා අතහැර දැමු පවුලේ වැඩිමහල් දියණිය වු භාෂිනි නම් අහිංසක යුවතියට ..සදෙව් සහා ෂෙවාන්ගේ පියා මුණනොගැසෙන්න කුමක් නම් සිදුවේවිද..?
මහීමා යන තරුණිය මුදල් ඉදිරියේ මෙන්ම නොහිදෙන තම ආශාවන් ඉදිරියේ ෂෙවාන් නම් පිරිමියාට බිරිඳක් සිටින බව දැන දැනත් ෂෙවාන් අතින් තම ආත්ම ගෞරුත්වය පවා විනාශ කරගත් තරුණියක්..
හඬන කඳුළැලි බිංදු අතරින්
පෙනුනු ඒ ඇස් පෙති නුවන්
කීව රහසෙන් සැනසුනේ මම
හිතේ හැංඟුනු ආදරෙන්
දෝත දිගුකර ආදරෙන් ඔබ
කරන සෙනෙහස් ඇරයුමෙන්
අත් හැරුණු අත් නැවත බැඳගමු
ගිළිහි නොයනා ලෙස තදින්..
(රේණුකා පත්මපෙරුම)
අත අතහැර මංජුලා විතානගේ අක්කිගේ පොත කියවද්දී මට සුන්දර වගේම අසුන්දර චරිතත් මුණගැසුනා ..
සුන්දර චරිත වුන නිලාම්මා කමලම්මා සදෙව් හෙවත් භාෂිනිගේ දෙව්.. ෂෙවාන් ගේ තාත්තා..
අසුන්දර චරිත වුන සුදර්මා ෂෙරින් මහීමා මාධාරා සයුමි භාෂිගේ දෙමාව්පියන්..
තවමත් මේ පොත කියවපු නැති ඔයාලා කියවලාම බලන්න ඕනි පොතක් . අපි ජිවත් වෙන සමාජයේ ඇතුලත තවමත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා සමහර විට ඒවා එළිපිට සිද්ධ වෙන දේවල් වෙන්නත් පුළුවන් නැතිනම් කාටත් හොර රහසේ සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්..ඉතිං හොද මුහුණ පෙන්නගෙන අපි ලගින් ම ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න සමහර විට ඒ අය ඔයාගේම පවුලේ ඇතුලේ ඉන්නත් පුළුවන් හරියට සුදර්මා වගේ
Kavindya Sithumini ✍️

රු480.00

Out of stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අත අතහැර”