කෙටියෙන් කියතොත් අරවින්ද රත්මල්ගමගේ “පහාරාද” අමු කතාවකි. සුදු පිරුවටින් වසාගත් දේශපාලනය කොතරම් නම් තුච්ජ, පිළි ගඳගසන ජරාජීර්ණ තැනක් දැයි පෙන්නා දෙන්නේ ඇස හරහා මොළයටම පහර එල්ල කරමිනි. එහි කිසිදු අනුකම්පාවක් ලතෙත් බවක් නැත. මංද… දේශපාලනය නම් මජර භූමියේ එවන් දෑ නොමැති බැවිනි. කුමන පක්ෂයකින්, කුමන පාටකින් ආවද කොයි තරමේ සිත්ගන්නා සටන් පාඨ කීවද ඒ භූමියට පා තබන්නාගේ හිතේ ඇත්තේ එකම එක ඉලක්කයක් පමණි. ඒ ධනය සහ බලය පමණි.
අරවින්දගේ පළමු නවකතාව මෙය නොවේ. පහාරාද යනු ඔහුගේ ප්රකාශයට පත්වූ පළමු කතාවයි. පහාරාද හරහා ඔහු පෙන්වා දෙන කටුක සහ හිරිකිත යථාර්ථය අපව තැති ගන්වන සුළුය. මෙහි මා දුටුවේ එකම එක අඩුවක් පමණි. කතාවේ දෙබස් අතර හැඟීම් ප්රකාශනයක් , ඒ ඒ සිදුවීම ගැන කුඩා විස්තරක් තිබුනේ නම් අගනේය. එසේ වූයේ නම් කතාව කියවන්නාගේ චිත්තරූප මැවීමට රුකුලක් වනු ඇත.
Reviews
There are no reviews yet.