“රුවනාකර”
=========================
“හෙට මේ ගෙදර එක මගුලක් කෙරෙන බව නොදැනද යකෝ තෝ මෙතන තව මගුලක් පටලව ගත්තෙ?”
අම්මා කවදාවත් නැති විදිහට අයියගෙ ඇඟට කඩා පැන්නා. හැබැයි අයියා වෙනදා වගේ අම්මා එක්ක එකටෙක කියාගෙ ගියේ නෑ . මල්කාන්ති අක්කා අයියට මුවා වෙලා බිම බලන් හිටියා. මට නං ඒක දැක්කහම දුකත් හිතුණා.
“උඔ එහෙනං අන්තිමට මේ අම්මට එහෙමයි කෙරුවෙ නේද පුතේ?”
අම්මා තවත් මොකුත් නොකියා ගේ ඇතුළට ගියා. ඒ වෙලාවෙ නම් අම්මගෙ මූණෙ තිබුණේ කේන්තියක් නෙමෙයි. මහා කලකිරුණු පෙනුමක් එක්ක දුකක්. මට අම්මා ගැනත් දුක හිතුණා. එයා අපි තුන්දෙනාටම වැඩිය අයියව විශ්වාස කෙරුවා. කොහොමත් අම්මා මුල ඉඳලම මේ කටයුත්තට අකමැතියි කියලා අයියත් දන්නවා. අයියත් හිටියෙ මල්කාන්ති අක්කට අකමැත්තෙන්නෙ. ඒත් එකපාරටම අයියා මේක මෙහෙම වෙනවට කැමති වුණේ ඇයි කියලා මට හිතාගන්න බැරුව ගියා. ඒ වෙලාවෙම තාත්තත් කොහෙදෝ ඉඳන් ආවා. හැබැයි තාත්තා නම් සිද්ධ වෙච්චි දේට විරුද්ධව මොකුත්ම කිව්වෙ නෑ. අයියවයි අයියට මුවා වෙලා දොරකඩ හිටගෙන ඉන්න මල්කාන්ති අක්කවයි දැක්කහම තාත්තගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණා. එයා ඉතිං එදා ඉඳන්ම මේක මෙහෙම වෙනවට කැමැත්තෙන්නෙ හිටියෙ.
“හරි බං.. මගුල් දෙකම එකට ගන්ඩ බැරියැ. අපිටනෙ අන්තිමට කීයක් හරි ඉතුරු. මොකද රාළ මේ කෙල්ලව දොරකඩ තියාගෙන.. ?උඹ පලයං කෙල්ලෙ ගෙට! මනමාලියො දොරකඩ තියං ඉන්න සිරිතක් තියෙනවයැ “
ගේ ඇතුළට ගිය අම්මට ඇහෙන්නත් එක්ක තාත්තා මහ සද්දෙන් මල්කාන්ති අක්කට කිව්වා .
සුදු- කළු -අළු චරිත අතරින් ඉද්දමල්වත්තේ ඇවිදින්න එන්න රුවනාකර පිටු අතරට
Reviews
There are no reviews yet.