පොත් ඇණවුම් කිරීම සම්බන්ධව
1 – පොත්මී වෙතින් පොත් ඇණවුම් කල හැකි ක්‍රම මොනවාද?
077 688 2324 අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ www.pothmee.com වෙබ් අඩවියෙන්.
2 – පොත්මී වෙබ් අඩවියෙන් ඇණවුම් කල පසුව එය නිවැරදිවම ලැබෙන බැව් දැනගන්නේ කෙසේද?
ඔබ පොත්මී වෙබ් අඩවිය හරහා ඇනවුම යොමු කල පසුව පැය 24ක් ඇතුලත අප ආයතනයෙන් ඔබ යොමු කල ඊමේලයට “ඇණවුම ස්ථීර කිරීමේ ලිපියක්” හෝ ඔබ විසින් වෙබ් අඩවියට ඇතුල් කල දුරකථන අංකයට ඇමතුමක් ලැබෙනු ඇත.
3 – පොත්මී ඇණවුමක් ලැබීමට දින කීයක් ගතවේද?
ඔබේ ඇණවුම හැකි ඉක්මනින්ම, දින තුනක් ඇතුළතවත් ඔබ වෙත ලබා දීමට අපි කටයුතු කරන අතර කූරීයර් ප්‍රමාද හෝ වෙනත් හේතුවකදී එය දින 7ක් දක්වා වුවත් ප්‍රමාද විය හැක.
4 – පොත්මී වෙබ් අඩවිය හරහා පොත් ඇනවුම් කල හැක්කේ කෙසේද?
ඔබට පොත්මි වෙබ් අඩවිය හරහා “පොත් ලැබුන පසුව මුදල් ගෙවීමේ” පදනම මත හෝ “මුදල් එම මොහොතෙම ගෙවීම” මගින් පොත් මිලදී ගත හැකියි. 077 688 2324 අංකයට ඇමතුමක් දීමෙන් “පොත් ලැබුන පසුව මුදල් ගෙවීම” හෝ වෙනත් ඔබට පහසු ක්‍රමවේදයකට පොත් ගෙන්වා ගැනීමත් කල හැකියි.
ඔබට ඇති වෙනත් ප්‍රශ්ණයක් ඇත්නම් කරුණාකර පොත්මී ආයතනයට පණිවිඩයක් එවන්න. Contact
පොත්මී කුසලතා සම්මාන
පොත්මී කුසලතා සම්මාන යනු කුමක්ද?
පොත්මී කුසලතා සම්මාන යනූ : නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම සදහා ඔවුන් විසින් ලේඛනය කල කුළුදුල් කෘතිය ඇඟයීමකට ලක් කොට ඔවුන් වෙත පිරිනමනු ලබන සහතික පත්‍රයකී. මෙය පොත්මී පුද්ගලික සමාගමේම මූල්‍ය අනුග්‍රහය මත සිදුවන්නකී.
පරමාර්ථය : “තම මුල්ම කෘතිය ලියූ සෑම ලේඛක ලේඛිකාවක්වම ඇඟයීමට ලක් කිරීම”
මේ නිසාම තම මුල්ම කෘතිය ලියූ ලේඛක ලේඛිකාවන් සියල්ලන්ම වෙනුවෙන් සහතික පත්‍රයක් පිරිනමන අතර එහි තෝරාගැනීමේ ක්‍රමවේදයක් නොමැත.
වැඩි විස්තර පොත්මී ආයතනය හරහා ලබා ගත හැක Contact