Our Projects

මුතුමුදලිගේ සමූහ ව්‍යාපාර යටතේ 2021 නොවැම්බර් 16 වන දින නීත්‍යානූකූලව ආරම්භ කරන ලද පොත්මී පුද්ගලික සමාගම විසින් මේ වන විට ලේඛණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රධාන ව්‍යාපෘතීන් සතරක් මෙහෙයවයි.

info-2

පොත්මී කුසලතා සම්මාන

නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම සදහා ඔවුන් විසින් ලේඛනය කල කුළුදුල් කෘතිය ඇඟයීමකට ලක් කිරීම. මෙය මාසිකව සිදුකරණු ලබන වැඩසටහනකී.

info-3

පොත්මී විචාරක ඇගයීම

ලේඛණ ක්ෂේස්ත්‍රයේ සිටින විචාරකයින් උදෙසා වාර්ෂිකව "දෙසැම්බර් මස" තුළදී සිදුකරණු ලබන ව්‍යාපෘතියකී. මෙයින් විචාරකයින්ව අගයනු ලබයි.

icon-1

පොත්මී පොත් ලක්ෂයක්

පොත්මී නිර්මාතෘ මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ සංකල්පයක් මත මාසිකව සිදුකරණු ලබන පොත් "නොමිලේ" බෙදා දීමේ වැඩසටහනකි.

icon-4

එඩ්ගාර් ඇලන් පෝ සම්මානය

ලේඛන ක්ෂේස්ත්‍රයේ "Horror" ගණයේ කෙටි කතා ඇගයීම සඳහා පමණක්ම සූදානම් කොට එඩ්ගාර් ඇලන් පෝ සම්මාන 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Our Goal's

ASDFSADFASDF
222
asdfasdfasd
dsfaasd

60+

මේ වන විට නිකුත් කොට ඇති සහතික පත්‍ර ප්‍රමාණය.

2000+

පොත්මී පොත් ලක්ෂයක් වැඩ සටහනින් බෙදා දී ඇති කෘතීන් ප්‍රමාණය.

500K+

මේ වන විට පොත්මී ගෘපයත් සමඟ සිටින මුළු පාඨක සහා ගැනුම් කරුවන් ප්‍රමාණය.

15+

පොත්මී ආයතනය සමඟ සේවයේ නියුතු මුළු සාමාජිකයින් ප්‍රමාණය

asdfdasfadsfadsfsa
පොත්මී ආයතනයට වසර දෙකක් සැපරීම නිමිත්තෙන් එහි නිර්මාතෘ මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ පණිවිඩය.

පොත්මී ආයතනය ආරම්භ කොට අදට වසර දෙකක්,
මගේ ජීවීතේ ගොඩක් දේවල් මම සැලසුමකින් තොරව කල දේවල්. ලිවීම, සංචාරය වගේම ආයතන පිහිටුවීමත් ඒවගේ. පොත්මී කියන්නේ මම නිර්මාණය කල තුන් වෙනි ආයතනය. ඒකත් අහම්බෙන් "මගේ කෘතීන් මා විසින්ම මුද්‍රණය කිරීමේ උවමනාව මත නීත්‍යානූකූලව ඉදිකළ ආයතනයක්" - හැබැයි ඒ අවුරුදු දෙක ඇතුළත අපි මගේ නොවන කෘතීන් පළ කලා වගේම ඉදිරියේදී පරිවර්තන වලටත් අඩිතාලම තියනවා.
පොත්මී පළමු වසර සපිරීමේදී මම කිව්වා වගේම දෙවැනි වසර වෙන් කරලා තිබුනේ පොත්මී මිනිසුන් අතරට ගෙන යෑමට. පොත්මී කියන නම කතා කරන්න ඕන දැනගන්න ඕන. මම හිතන්නේ අපි ඒක කලා. පළමු වසරට වඩා අද පොත්මී ගැන මිනිසුන් දන්නවා.
තුන්වැනි අවුරුද්ද මම වෙන් කරන්නේ වෙනම පැත්තකට. මම හිතන දේ වුනොත් ඒකත් හරියටම සිදුවේවී.
- අවුරුදු දෙකක් කියන්නේ බොහෝම පොඩි වයසක්. එහෙත් ඒ පොඩි වයසට පොත්මී කරපු දේවල් නම් බොහෝමයි. ඒ කිසිම දෙයක් කලේ මම නෙමෙයි. පොත්මී ටීම් එක. මම පිටරටක පදිංචි නිකන්ම නිකන් සාමාන්ය මනුස්සයෙක් විතරයි.
හැබැයි අපිට හොඳ ටීම් එකක් ඉන්නවා. දැනට 15ස් දෙනෙක්. ඔවුන් විවිධ ආකාරයෙන් පොත්මී සමග වැඩ කරනවා. අනාගතයේදී අපිත් සමග තවත් අයට එකතු වෙන්න පුළුවන් වෙයි. ඔබේ දායකත්වයත් පොත්මී වෙනුවෙන් ලබාගන්න පුළුවන් රැකියාවක් සකසන්න මා පුළුවන් තරම් උත්සහා කරනවා.
අපි යන්නේ හිමින් ගමනක්, අපිට හදිස්සියක් නෑ, හිමිහිට යන එක ලේස්යි, වැරැද්දක් වුනොත් ආයේ හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. වැරදි අවබෝධ කරගන්න පුළුවන්, නවත්තපු තැනින් ආයේ පටන් ගන්නත්, නවත්තපු තැන වැරදිනම් ආයේ පාර හදාගෙන එන්නත් පුළුවන්. ඒ නිසා මේක හිමින් ගමනක්. හැබැයි මේ හිමින් ගමන ඇතුළත අපි වෙනස්ම දේවල් බොහෝමයක් කරනවා. කොටින්ම අපි මුද්‍රණය කරන කෘතියේ පිටකවරයේ ඉදන් අලුතින් වෙනස් විදියකට කරන්න පුළුවන් හැමදෙයක්ම කරන්න අපි උත්සහා කරනවා.
ආයතනයක් ගොඩ නැගීම ලේසී පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාවට අඩියවත් තබන්නැතිව විදෙස් රටක ඉදන් - ලංකාවේ සිටියනම් මට මීටත් වඩා දියුණු ආයතනයක් ගොඩනැගීමට හැකියාව තිබුණා යැයි මා සිතනවා. එහෙත් මෙය හොඳයි. බාධක සමග යන මේ ගමනට මම කැමතියි.
- බාධක බාධකමත් නොවෙයි, එය ආශිර්වාදයක්. පුදුම ආශිර්වාදයක්. ගල්මුල් විවේචන චෝදනා එරෙහිවීම් මේ සියල්ලම ජීවීතයට පුදුම ආශිර්වාදයක්. ශක්තිමත් ආයතනයක් බිහිවිමටත් මේ සියල්ලම අවශ්‍යයි. පොත්මී මුල්ම වසරට වඩා දෙවැනි වසරෙදි බොහෝමයක් බාධක පැමිණියාක් සේම තුන් වෙනි වසරෙදි මීටත් වඩා බාධක පැමිණෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
(ඒවා එන්න ඕන, එතැන තමයි ගමනක නියම සුන්දරත්වය තියෙන්නේ)
මම සහා අපි ඒ සියල්ලටම මුහුණ දීමට සූදාණම්.
ඒ සෑම බාධකයක් අතරතුරම අපිට කළ හැකි සෑම දෙයක්මත් පාඨකයින් වෙනුවෙන් ඉටුකිරීමට අපි නිරන්තරයෙන් බැඳී සිටිනවා.
ජයවේවා ❤️
පොත්මී ටීම් එකටත් පොත්මී වටා සිටින ආදරණීය පාඨකයින්ටත් බොහෝමත්ම ස්තූතියි.
- මුතුමුදලිගේ නිශ්ශංක.
පොත්මී දෙවැනි වර්ෂ පූර්ණය වෙනුවෙන්.

Latest Offers

11 Book Offer

The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested.

Gohar Offer

Me atha kageda Offer

The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested.

PothMee Book Marks