-30%

දියානා සොෆ් Diyana Soff by Muthumudalige Nissanka

මේ සේරම පටන් ගත්තේ මීට මාස කිහිපයකට කලින්.
කුමන වෙලාවකට නිදාගත්තත් මාව හරියට ම අලුයම දෙකයි තිහට අවදි වෙනවා. ඒ අවදි වෙන හැම මොහොතක ම මට දැනෙනවා ‘කවුරු ම හරි කෙනෙක් මගේ ළඟ ඉන්නවා’ කියලා.
ඔව් මේක ලියන මේ මොහොතෙත් එහෙමයි.
‘කවුරු හරි මෙතැන ඉන්නවා.’ ඒ පුද්ගලයා කවුරු වුණත් එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මට හානියක් නොකර… නිහඬව.
සමහර විට ඒ පුද්ගලයා ඉන්නේ මාව ආරක්ෂා කරන්න වෙන්න ඇති. එහෙමත් නැත්නම් මට කුමක් හෝ දෙයක් කියන්න වෙන්න ඇති. මම ඒක හරියට ම දන්නෑ. මට එහෙම තේරුම් ගන්න හැකියාවකුත් නැහැ. එහෙත් ඒ මොකක් වුණත් මෙතැන මේ මොහොතෙත් ඒ පුද්ගලයා මගේ ළඟ ඉන්නවා.
මගේ හිතට බයක් දැනෙනවා. ඒ ‘බය’ මගේ පපුවේ නහර තුළින් සීතලක් වගේ ඇදී ගිහින් මගේ හදවතට දන්වනවා ‘එයා මෙතැන ඉන්නවා. මේ ළඟ ම ඉන්නවා’ කියලා. එහෙත් මම ඒ හැඟීමත් එක්ක ම ඔබට මේ කතු වැකිය ලියනවා. කොටින්ම මම ඒ හැඟීමත් එක්ක ම අලුයම දෙකයි තිහට මේ කෘතියේ බොහෝමයක් බියකරු පරිච්ජේද පවා අවසන් කළා.
-මුතුමුදලිගේ නිශ්ශංක
දියානා සොෆ් කතුවැකියෙන්

රු840.00

In stock

Additional information

Weight 0.3 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දියානා සොෆ් Diyana Soff by Muthumudalige Nissanka”