Out of stock

උබ කවුද?

“උඹ කවුද ?” විචාරය කරන්නට නොයමි. නමුත් එය ගැනත් යමක් මෙහි ලියා තැබිය යුතු යැයි සිතමි.
නවකතාවක් තරම් බරකින්
යුතුව අරුතෙන් ඉස්සුන
කෙටිම වෙන තරමටයි කවියක්
වුණත් වැඩියෙන් ලස්සන
ඒ “උඹ කවුද ?” කාව්‍ය සoග්‍රාහයේ 68 වන කවියයි. මට හිතෙන්නේ එය කවියක් යනුවෙන් හදුන්වන භාෂාමය කලාව පිළිබද කාව්‍යමය විචාරයක් ලෙසිනි. එකි කවියෙන් පවසන පරිදිම යමින් විවිධ අරුත් දනවන කෙටිම කවි 100 ක් පමණ ඇතුලත් කර “උඹ කවුද ?” සම්පාදනය වී තිබේ.
කවියෙකුගේ පණ ටික තියෙන්නේ
රුදුරු වූ වේදනා සතුවය
ඉතින් කවියන් මිය ඇදෙන්නේම
සිනාමුසු මුහුණින් යුතුවමය
ඒ “උඹ කවුද ?” හි 24 වන කවියයි. මට හැගුණේ එය කවියෙකුගේ ආධ්‍යාත්මය පිළිබදව නුවරගෙදර කවියාගේ විග්‍රාහය ලෙසය.
“උඹ කවුද ?” කාව්‍ය සoග්‍රාහයේ 42 වන කවිය නම්,
ලියා ඇති මම,
අරුමැතිම පෙම් කවියක්
එහෙත් එය නුඹ ගාව
ප්‍රාථමික ෆැන්ටසියක් !
එබැවින්
සොදුර නුඹ ප්‍රේමයට සරසවියක් !
නුවරගෙදර තුරුණු කවියාගේ “උඹ කවුද ?” කාව්‍ය සoග්‍රාහයෙහි 104 ක් වු නම් නැති කවි අතරින් අතිශය බහුතරය මානව ප්‍රේමයේ විවිධ ඉසව් අළලා පද බැද ඇති බව පෙනෙනමුත් ඒවා ප්‍රාථමික ෆැන්ටසි නම් නොවේ. නමුත් “උඹ කවුද ?” ප්‍රේමයට සරසවියකැයි නම් සිතමි.

ඉතින් දිගු ගමනකට
සුබ පැතුම් “ලස්සන පොතක්” 👍💐
සුබ පැතුම් “නුවරගෙදර” 👍💐
*පුබුදු ප්‍රසන්න දිසානායක*
2022/12/21

SKU: LP1 Categories: , , Tag:

රු400.00

Out of stock

Description

Uba kawudha

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උබ කවුද?”