Out of stock

බෝම්බ තුනක්

අන්ධකාරයේම බෝම්බයේ බල්බය දෙස බලා සිටි ඔහුගේ දෑස මේ මොහොතේ එක් වරම ඔහුගේ සාක්කුවට ගියේය. සාස්තුවේ තිබුණු මෝටරෝලා දුරකථනය එළියට ගත් ඔහු එහි දෙපැත්තට හැරෙන පියන විවෘත කළේය. බොම්බයට සවි කර ඇති දුරකථනයේ නොම්මරය එහි ඇමතුම් ලැයිස්තුවේ ඇත. ඔහුගේ මුවින් සියුම් සිනහවක් නැගින කිරීමට ඇත්තේ සුළු දෙයකි. ඒත් එයින් ජීවිත ගණනාවක් විනාශ වී යනු ඇත. ඔහුගේ සිතේ මර බියක් නොවීය. ඒ වෙනුවට ඇත්තේ අහ්ලානුඅකි.
පළියට පළිය, ඇසට ඇස, ලෙයට ලෙය”
මරාගෙන මැරෙන සංචිතයේ මුල්ම ශික්ෂා පදය ලෙස ඔහු ඉගෙන ගෙන ඇත.

 

පිටු : 212

බෝම්බ තුනක් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

රු480.00

Out of stock

Description

මම පාසැල් ගියේ කොළබ ඩී එස් එකට. කොටහේනේ හිදන් උදේ පාන්දරම 176 බස් එකේ බොරැල්ලට ගිහින් එතැන හිදන් පයින් යන්න ඕන. ඒ යුද්ධය දරුනුවට තිබුනු කාල වකවානුව. එල් ටි ටී සංවිධානය විසින් කොටුවේ පුපුරපු බෝම්බයෙන් ඩී එස් එකේම මල්ලිලා කිහිප දෙනෙක්ම එක් වරම ජීවීතක්ෂයට පත් වුනු කාල වකවානුවක්. මම පාසැල් යන්නේ බස් එකේ නිසා අම්මා මට හැම වෙලේම කියන කතාවක් තියෙනවා…

“පුතේ බෑග් එක අතේම තියාගන්න…. ඒක රාක්කයෙන් තියන්න එපා” කියලා.
බෝම්බ තුනක් ලියද්දි මම ඒක පටන් ගත්තේ මගේ අම්මගේ ඒ වචනයත් එක්ක.
“පාසැල් දරුවෙක් රාක්කයේ තියෙන බෑග් එකකට, ත්රස්ත්රවාදියෙන් බෝම්බයක් දැම්මොත් … කුමක් වෙයිද?”
ඒ සංකල්පයත් එක්ක මම බෝම්බ තුනක් නිර්මානය කරනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “බෝම්බ තුනක්”