Additional information
| Weight | 0.3 kg |
|---|
“හඳට ගල් ගැසූ කොල්ලෙක්” ගෙන් පසුව,
මුතුමුදලිගේ නිශ්ශංකගෙන්
තවත් වෙනස්ම කෘතියක්.
මේ “හඳට ගල් ගසන කොල්ලෙක්” ගැන නම් නෙමෙයි.
“හදවතට කතා කරන කෙල්ලෙක් ගැන”
මේ කටකාර, විසේකාර, දඟකාර පුංචි කෙල්ලගේ තවත් විශේෂත්වයක් තියෙනවා…
මේ පුංචි කෙල්ලට පුළුවන්
හැම දුකක ම සතුටක් දකින්න…
හැම දුක්බර දවසකින් ම පුංචි සතුටක් හෝ සොයාගෙන සිනහසෙන්න…
“ඔයා තමයි කළු වලාකුළ. මම තමයි ඉර මාමා… ඔන්න දැන් මම ඔයාගේ අන්ධකාරය විසිකරලා එළිය දෙන්න පටන් ගන්නවා.”
ඊටත් වඩා හැම නරක මනුස්සයෙක්ගෙම ජීවීතයක
“පොඩි හොඳක් හෝ සොයාගන්න”
ඒවගේම මේ පුංචි කෙල්ල තවත් දෙයක් කරනවා
එයාගේ හිතට දුකක්, වේදනාවක් ආ හැමවිට ම එයා පපුවට තට්ටු කරගනිමින්
“ALL IS WELL” කියලා මුමුණනවා.
ඒක එයාගේ අම්මා එයාට උගන්වපු පුංචි මන්තරයක්.
“මෙහෙම ALL IS WELL කියලා තුන් පාරක් තට්ටු කරගත්ත ම හැම දේම හරියනවා.”
ඒ මන්තරය උගන්වලා දවසක් යද්දි ම එයාගේ අම්මා හදිසී අනතුරකින් මිය යනවා. ඉතින් පුංචි රානා එයාගේ අම්මා උගන්වපු ඒ අපූරූ මන්තරය හැමදාමත් හිතේ තියාගෙන ජීවත් වෙනවා.
මේ පුංචි රානාගේ කතාව….
ඇයගේ මවගේ මරණයේ අභිරහස…
ඔවුන්ගේ ජීවීතය වටා සිදුවන ත්‍රාස්‍යජනක සිදුවීම් මාලාවක ආරම්භය.
ALL IS WELL![]()
ත්‍රාසය, කුතුහලය සේම
ආදරය සහ විනෝදයත් මිශ්‍රව
ලොකු පොඩි හැමෝටම රසවිඳින්න
ජනප්‍රිය ලේඛක මුතුමුදලිගේ නිශ්ශංකගේ
21 වන සිනමාමය නිර්මාණය.
ALL IS WELL
පොත්මී වෙතින් ![]()
![]()
රු675.00
In stock
Reviews
There are no reviews yet.