Description
ආලෝක සිහිනය
°°°°°°°
ඔයා කවදා හරි කාත් කව්රුවත් නැතුව තනි වෙලා තියෙනවද… කවමදාක හරි දරාගන්න බැරි තනිකමක් දැනිලා තියෙනවද… හැම දරුවෙක්ගෙ ජීවිතේ වටිනම දෙන්නා තමන්ගෙ අම්මා තාත්තා..ඒත් ඉපදුන දවසෙ ඉදන්ම අම්මගෙ උනුහුම විඳින්න පින නැති දරුවො මොන තරම් ඉන්නවද.. දන්නවද අම්මගෙ ආදරේ තාත්තගෙ ආදරේ වෙන කොහෙන්වත් ලබා ගන්න බෑ දරුවෙක්ට..
අන්න ඒ වගේ තමයි මාන්සීත්.. දන්න දි පටන් අම්මා තාත්තා ගැන ඉඟියකින්වත් නොදැන තමන්ගෙ නැන්දා ගාව වෙනස්කම් ගොඩක් මැද්දෙ අන්ත අසරණ අනාත කෙල්ලෙක් ගානට ජීවත් උන අවුරුදු විසි දෙකක පුංචි කෙල්ලක්..
ඒ පුංචි කෙල්ල විඳින්නෙ එසේ මෙසේ දුකක් නෙවෙයි… ඉගෙන ගන්න ආස උනත් ඉගෙන ගන්න පින නැති අසනිපෙකදි නිදාගන්න නැති ලස්සන ඇඳුමක් ඇඳලා ගෑනු ළමයෙක් ආසම විදියට මෝස්තර කරලා ඉන්න ආස උනත් ඒ දේවල් හීනයක්ම වෙච්ච පතුරු ගැලවුන බිත්ති හතරක් මැද්දෙ හැමදේම තනියම හූල්ලපු කඳුළුම ජීවිතේ කරගත්තු අහිංසකාවියක් ඇය..
ඉතින් ඒ අහිංසකාවියගෙ ජීවිතේට තියෙන දුක් ගොන්න මදිවට දරාගන්න බැරි ලොකුම ලොකු කුණාටුවක් එද්දි ඇය අන්ත අසරණ උනා.. ඉතින් ඇය හැමදාම තමන්ගෙ දුක කිව්වෙ අල්තාරය ඉදිරියෙ.. ඇයට ඕන උනේ තමන්ට ඉතුරු එකම ජීවිතේ විනාස කරගන්න නෙවේ.. අලුතින් සිහිනයක් දැකලා අලුතින් ජීවත් වෙන්න..
ඉතින් ඇයට අලුත් ජීවිතේකට පාර පෙන්නන්නෙ පල්ලියෙ පියතුමා.. ඒ පාර දිගේ ඇය යද්දි ඇගේ කළුම කළු පාට උන අන්ධකාර ජීවිතේට ලස්සනම ලස්සන ආලෝකයක් එන්නෙ දෛවයේ පිනකට..
ආලෝක… වත්තෙ බංගලාවෙ මැනේජර් කොල්ලා.. ආදරේ නිසා ලොකු රැවටීමකට අහු උන ආඩම්බර නපුරා.. ගෑනු සංහතියටම වෛර කරපු නපුරු හාදයා..
හැබැයි මේ හාදයගෙ ගල් හිත මේ අහිංසකාවිය හොල්ලලා දාන්නෙ ආලෝකටත් හොරෙන්.. ආදරේ කියන නාමයක් විඳලා නැති ආදරය කියන අකුරු හතරෙ පාට අඳුනන්නැති මේ අහිංසකාවියට දරාගන්න බැරි තරම් ආදරයක දෙන්නෙ මේ ආඩම්බරකාර කොල්ලා..
පුංචි පුංචි වැළඳගැනීම් අස්සේ හීගඬු පිපෙන තරමට දරාගන්න බැරි සිපුම් මැද්දේ සීතලම සීතල හැටන් නගරයේ මේ ආදරේ දෝර ගලන්නේ අහිංසකාවියගේ සතුටු කඳුළු මැද්දේ..
සචී අක්කා.. මට තේරෙන්නැ මොන කියන්නද කොහොම කියන්නද.. මට ඕන ආලෝක වගේ ආදරේ කරන කෙල්ලෙක්.. මල් පෙත්තට රිදෙයිද කියලා බයෙන් සිප ගන්න ආදරණිය කොල්ලෙක්.. ආලෝක කියන්නෙ අන්න ඒ තරම් ආදරණිය කොල්ලෙක්..
ඇත්ත මාන්සිගේ අන්ධකාර ජීවිතේට ආලෝක කියන්නෙ #ආලෝක_සිහිනයක්ම තමයි..
අම්මා තාත්තගෙ ආදරේ විඳලා නැති අහිංසකාවියට අන්තිමට හැම දේම හම්බුනේ ආලෝකගේ ආදරෙන්..
කිසිම ස්ට්රෙස් එකක් නැතුව එක හුස්මට කියවන්න පුළුවන් සරල ආදර කතාවක් උනත් ඒ අකුරු අස්සෙ හැංඟිලා තියෙන හැගීම් ගොන්න ගැන මට කියන්න වචන නැ..
ඒක තනිකර ආදරෙ පිරුණු කතාවක්.. හරියටම ඔයාගෙ බුක් ස්ටෝල් එක ඇතුලේ පුටුවක් උඩ වාඩි වෙලා හුස්මක් නොගෙනම කියවලා ඉවර කලා මම.. ලෝබයි මට. තව ඕනි කියලා හිතුනා මට.. අනේ මට තව කියවන්න ඕන..
ආදරෙයි අක්කා. ඒ අකුරු තනිකර මායාවක්.. ආදරේ පිරුනු දරාගන්න බැරි ලොකුම ලොකු මායාවක්.. ඒ මායාව ඇතුලෙ මං ජීවත් උනා.. තාමත් මිදෙන්න බැරි තරමට මං ඒ අකුරු අස්සෙ හිර වෙලා..
ඉතින් ආලෝක වගේ පිරිමියෙක් අන්ධකාරෙ ගිලිලා ඉන්න හැම යුවතියක්ටම හමු වෙන්න ඕන.. ඒක ප්රාර්ථනාවක්..


ආ ආයෙ මං ආසම නාගේෂ්ට… මේ ගියා මේ යාවා.. හිනා වෙලා පන ගියා


ඉතින් ආරාධනා කරනවා මොහොතකට අතරමං වෙන්න සචී අක්කගෙ ආදරණීයම අකුරු අස්සේ 
ආලෝක සිහිනය 
අස්සේ.. ඇත්තටම ඒක ආලෝක සිහිනයක්..
°°°°°°°
කතෘ : සචෙන්යා ප්රනාන්දු Sachenya Fernando
ප්රකාශනය : බටහිර අහස ප්රකාශකයෝ..
පොතෙහි මිල : 1190/=





Reviews
There are no reviews yet.