-30%

හෝ ලුසී ලුසී

මතුපිටින් බලනවට වඩා ඇතුළතින් ඔබට ‘තවත් කතා බොහෝමයක් කියන කෘතියක්’. විවිධ මාතෘකා ඔස්සේ ඔබව සිතීමට පොළඹවන කෘතියක්. ඒ වගේම ‘හෝ ලුසී ලුසී’ මගේ නිර්මාණ ජීවීතයේ සංකීර්ණ, මාව ‘ආදරය’ ගැන ගැඹුරින් සිතීමට පෙළැඹූ කෘතියක්.
මේ කෘතියේ ප්රධාන චරිතය ගොඩනැගීම මට අනිත් කෘතීන්ට වඩා බොහෝ සේයින් අසීරූ වුනා. ‘එම චරිතය’ සිටි මානසික ව්යාකූල බව ඒ ආකාරයෙන්ම ලිවීමට අවශ්ය වූ නිසා මම මානසික රෝගීන්ව පවා මුණ ගැසුණු , ඔවුන් තොල් මුමුණන ආකාරය, ඔවුන් තමන් සමඟම සංවාද කරන ආකාරය පවා බලාගෙන සිටි අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එම චරිතය තුළ ජීවත් වෙද්දි මමත් මා සමඟම කතා කරන්න පෙළැඹුණා.
මා ලියූ අනිත් හැම කෘතියකට ම වඩා මම ‘හෝ ලුසී ලුසී’ තුළ ජීවත් වුණා.

මගේ බිරිඳ ‘ලුසී’ නමින්ම කෘතිය ලිවීම ආරම්භ කිරීම එය මට තවත් පහසු වෙන්නට ඇතී. ජීවීතයේ මුල්ම වතාවට ලේඛකයෙක් විසින් නොකළ යුතු දෙයක් මම කළා. කෘතියේ ප්රධාන චරිතය තුළ ජීවත් විය යුතු නිසාම මම මගේ මනස තුළ ‘ලුසී’ මිය ගිය චරිතයක් බවට පත් කළා.

ලිවීම තුළ තිබෙන සුන්දරම දෙය ‘අපිට ඒ තුළ ජීවත් වීමට හැකිවීම’. හෝ ලුසී ලුසී ලියන කාලය තුළ මම ඒ තුළ ජීවත්වූ ආකාරය ගැන පුදුමාකාරයි. ඒවගේම සතුටුයි. එවන් ආදරයකින් සහ කැපකිරීමකින් තවත් කෘතියක් ලිවීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.

හෝ ලුසී ලුසී අද, මේ මොහොතේ සිට ඔබට බාරයි. මගේ හැම කෘතියකදී ම මා ඔබට කියනවාක් සේම, මට අදත් එක් පොරොන්දුවක් ඔබට දිය හැකියි.
‘හෝ ලුසී ලුසී’ අතට ගත් මොහොතේ පටන් ම ඔබ මෙම කෘතියෙන් ඇස් ඉවතට නොගනීවී. මම කෘතිය තුළ ජීවත් වූ ආකාරයට ම ඔබත් හෝ ලුසී ලුසී තුළ ජීවත් වේවී.

තව එකක් ‘හෝ ලුසී ලුසී’ ජැකට් කවර් එකක්. ඒ නිසා වෙනසකුත් තියෙයි.

– මුතුමුදලිගේ නිශ්ශංක
හෝ ලුසී ලුසී නීකුත් කිරීම වෙනුවෙන්.
මගේ 17 වන කෘතියටත් එළිදැක්වීමක් නැත. ඔබ එය අතට ගැනීමත් මට එළිදැක්වීමක්. ❤️

Best Seller position

No. 2 in show Top 12

No. 2 in Crime

No. 2 in Detective

No. 2 in Muthumudalige Nissanka

No. 2 in Mystery

No. 2 in Novels

No. 1 in Romance

No. 2 in Thriller

Categories: , , , , , , Tag:

රු686.00

In stock

Best seller

Description

මගේ 17 වන දරුවා බිහිකිරීමටයි මේ සූදානම 🙂
———————-
අවුරුදු 4ක්, කෘතීන් 17ක්. හැම කෘතියක්ම පාඨකයින්ගේ ආදරය නොඅඩුව ලැබූ කෘතියක්. හැම කෘතියක් ගැනම නිරන්තරයෙන්ම පාඨක විචාර, අදහස් ලැබෙන කතුවරයෙක්.
එය භාග්යක්, වාසනාවක්. නිහතමානී සතුටක්.

මුල් කාලයේදී මට බොහෝ දෙනෙක් කිව්වේ මගේ කෘතීන් ජනප්රිය වෙන්නේ ‘මම පාඨකයින් එක්ක ඉන්න නිසා’ කියලා. ඒත් නෑ. පසුගිය අවුරුදු කිහිපය පුරාම මම මුහුණු පොතින් බොහෝ දුරට ඈත් වුනා. පාඨකයින්ගෙන් ඈත්වුනා. කොටින්ම මාස ගනනක් කාටවත් කොමෙන්ට් එකක් දාපූ නැති, ආපූ පණිවිඩ වලටවත් පිළිතුරු ලිව්වේ නැති කාලවල් තිබුණා.
ඒ කාලය තුළදී මම මාවම සෙව්වා. අලුත් සහ වෙනස්ම විදියේ නිර්මාණ තුනක් බිහිකළා.
11 – තවමත් පාඨකයින් 11 ගැන කතා කරනවා. ඉදිරියේදීත් කතා කරයි.
හෝ ලුසී ලුසී – අද සිට නිකුත් වෙනවා.
ජැකාස් – වෙනස්ම කෘතියක්…. ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම තහනම් විය හැකි කෘතියක්. ඒත් මම ජැකාස් නිකුත් කරනවා.

මම පාඨකයින්ගෙන් ඈත් වුනා. ඒත් පාඨකයින් මා සමඟ සිටියා. මගේ අලුත් කෘතියක් පැමිණෙන සෑම විටම ඔවුන් මාව විශ්වාස කළා. ඔවුන් දන්නවා මගේ කිසිම කෘතියක් ඔවුන්ව කුතුහලයෙන්, දැනුමෙන් හෝ ත්රාසයෙන් පුරවා මිසක් අත් නොඅරින බව.
ඒ විශ්වාසය නිසාම මම ඔවුන් වෙනුවෙනුත් මට දිය හැකි දේවල් ද දුන්නා. පොතක් නිකුත් කරද්දි පොතේ මිල හැකි තරම් අඩු කළා. පොත්මී වෙතින් හොඳම තත්වයේ පොත් ලබාදුන්නා. විශේෂයෙන්ම එකිනෙකට වෙනස් නිර්මාණ 17ක්ම ඔවුන් වෙනුවෙන් බිහිකළා.

කවදාවත් ලේඛකයෙක් වෙන්න හීනෙකින්වත් හිතපු නැති මම අවුරුදු 4කට ආසන්න කාලයක් ඇතුළත පොත් 17ක් ලිව්වා කිව්වම මටවත් හිතාගන්න බෑ. ඒත් මොකක් හරි හේතුවකට ඒම වෙන්න ඇති. සමහර විට මම ඉක්මනට ඇවිත් ඉක්මනට යන්න එන්න ඇති. හැමදේම හරිම ඉක්මනින්ම ජීවීතයට ලබාගත්ත මිනිස්සුන්ට දෛවය ඒ දේවල් දෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා ය කියන එක මම විශ්වාස කරන්නක්.

ඒ කොහොම වුනත් – මේ 17 වෙනි කෘතිය.

හෝ ලුසී ලුසී…..

මතුපිටින් බලනවට වඩා ඇතුළතින් ඔබට ‘තවත් කතා බොහෝමයක් කියන කෘතියක්’. විවිධ මාතෘකා ඔස්සේ ඔබව සිතීමට පොළඹවන කෘතියක්. ඒ වගේම ‘හෝ ලුසී ලුසී’ මගේ නිර්මාණ ජීවීතයේ සංකීර්ණ, මාව ‘ආදරය’ ගැන ගැඹුරින් සිතීමට පෙළැඹූ කෘතියක්.
මේ කෘතියේ ප්රධාන චරිතය ගොඩනැගීම මට අනිත් කෘතීන්ට වඩා බොහෝ සේයින් අසීරූ වුනා. ‘එම චරිතය’ සිටි මානසික ව්යාකූල බව ඒ ආකාරයෙන්ම ලිවීමට අවශ්ය වූ නිසා මම මානසික රෝගීන්ව පවා මුණ ගැසුණු , ඔවුන් තොල් මුමුණන ආකාරය, ඔවුන් තමන් සමඟම සංවාද කරන ආකාරය පවා බලාගෙන සිටි අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එම චරිතය තුළ ජීවත් වෙද්දි මමත් මා සමඟම කතා කරන්න පෙළැඹුණා.
මා ලියූ අනිත් හැම කෘතියකට ම වඩා මම ‘හෝ ලුසී ලුසී’ තුළ ජීවත් වුණා.

මගේ බිරිඳ ‘ලුසී’ නමින්ම කෘතිය ලිවීම ආරම්භ කිරීම එය මට තවත් පහසු වෙන්නට ඇතී. ජීවීතයේ මුල්ම වතාවට ලේඛකයෙක් විසින් නොකළ යුතු දෙයක් මම කළා. කෘතියේ ප්රධාන චරිතය තුළ ජීවත් විය යුතු නිසාම මම මගේ මනස තුළ ‘ලුසී’ මිය ගිය චරිතයක් බවට පත් කළා.

ලිවීම තුළ තිබෙන සුන්දරම දෙය ‘අපිට ඒ තුළ ජීවත් වීමට හැකිවීම’. හෝ ලුසී ලුසී ලියන කාලය තුළ මම ඒ තුළ ජීවත්වූ ආකාරය ගැන පුදුමාකාරයි. ඒවගේම සතුටුයි. එවන් ආදරයකින් සහ කැපකිරීමකින් තවත් කෘතියක් ලිවීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.

හෝ ලුසී ලුසී අද, මේ මොහොතේ සිට ඔබට බාරයි. මගේ හැම කෘතියකදී ම මා ඔබට කියනවාක් සේම, මට අදත් එක් පොරොන්දුවක් ඔබට දිය හැකියි.
‘හෝ ලුසී ලුසී’ අතට ගත් මොහොතේ පටන් ම ඔබ මෙම කෘතියෙන් ඇස් ඉවතට නොගනීවී. මම කෘතිය තුළ ජීවත් වූ ආකාරයට ම ඔබත් හෝ ලුසී ලුසී තුළ ජීවත් වේවී.

දෙසැම්බර් 20 වෙනිදා වෙනතෙක් පමණක් ඔබට ‘හෝ ලුසී ලුසී’
40%යක වට්ටමකට පොත්මී හරහා පෙර ඇණවුම් කරන්න පුළුවන්.
කෘතිය නිකුත් වෙන්නේ දෙසැම්බර් 20 වෙනිදා. පොත ඔබට ලැබෙන තෙක් ඔබ ඉවසා සිටිය යුතුයි.
ඇණවුම් ලැබෙන ආකාරය අනුව පිළිවෙලට, පොත්මී වෙතින් කූරීයර් කරන නිසා ඔබේ වාරය ලැබෙන තෙක් පොත ගැන දමන විචාර නොකියවා සිටීමටත් ප්රවේශම් වුණොත් වඩාත් හොඳයි. මොකද හෝ ලුසී ලුසී ත්රාස්යජනක කෘතියක්. Psychological Thriller එකක්.

 

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හෝ ලුසී ලුසී”