Description
හොඳ පොත.
මේ පොත රත්තරන් පොතක්. ඒ නිසාම මේ සංකල්පය මනසට එද්දි පොතේ කවරය නිර්මාණය කරපු මා මිත්ර කලණට කියපු දෙයක් තමයි;
“කවරය රත්තරන් පාටින් නිර්මාණය කරන්න.”
මේ රත්තරන් පොත පාවිච්චි කරන පාසල් වයස්වල දරුවන්, වැඩිහිටියන්, සෑම වයස් මට්ටමක ම අය දවසක රත්තරන් මිනිස්සු බවට පත් වෙයි.
මම විශ්වාස කරන දෙයක් තියෙනවා, “අපි හොඳ වැඩ කරන්න කරන්න අපි තවත් ඒ වෙත යොමුවෙනවා. අපේ හදවත් තවත් හොඳ දෑ කිරීමට පෙළඹෙනවා. අපේ සිතුවිලි සුන්දර වෙනවා… දවසින් දවස අපි තවත් සුන්දර මිනිසුන් බවට පත් වෙනවා.”
මට “හොඳ පොතක්” ගැන අදහස ආවේ අහම්බෙන්. ලංකාවේ ඉස්සර තිබුණා ‘පින් පොත’ කියලා බොහොම අපූරු පොතක්. ඒ පොත භාවිතා කරන අය තවමත් ඇති. මමත් කාලයක් එය භාවිතා කළා. එහෙත් පසුකාලීනව මිනිසුන් පින් පොතින් ඈත් වුණා.
ඉතින් මට ඕන වුණා ඒ සංකල්පය ම තවත් අලුත් විදිහකට ඉදිරියට ගේන්න. මේ අදහස මගේ මනසට ආ මුල් ම මොහොතෙම මම ඒ අලුත් පොතට නමක් දැම්මා, “හොඳ පොත”.
මේ කෘතියේ සෑම පිටුවක් ම නිර්මාණය වෙන්නේ “බොහෝම ලස්සන ආදර්ශ පාඨයකින්, අභිප්රේරණ වැකියකින්”.
‘ඔබ කළ හොඳ වැඩ ලියන ගමන් ඒ අපූරු වැකි දකින ඔබේ හදවත තවත් ධෛර්යයමත් වෙයි, ඔබේ දවස තවත් සුන්දර වෙයි, ඔබේ ජීවිතයට ශක්තියකුත් පන්නරයකුත් ලැබෙයි.
ජීවිතයේ එන අභියෝගවලට මුහුණදෙන්න වගේම, තව තවත් හොඳ වැඩ කරමින් ජීවිතය බොහෝම සුන්දරව ගත කරන්නත් එය ඔබට ආශිර්වාදයක් වෙයි.’
මම හැමවෙලේ ම උත්සාහ කළේ අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න. මම විශ්වාස කරනවා මේ “හොඳ පොත” මම ඔබ වෙනුවෙන් මට දිය හැකි තවත් සුන්දරම දෙයක්.
ඉතින්, මේ මොහොතේ සිට මේ කෘතිය ඔබේ.
මේ කෘතිය අතට ගන්න හැමෝගෙම ජීවිත සාර්ථක වේවා!, තවත් ශක්තිමත් වේවා!, සුන්දර වේවා! මම ඔබ වෙනුවෙන් ඒ ප්රාර්ථනාව කරනවා.
හැමදාමත් සතුටින් ජීවත්වෙන්න. අපි මේ ලෝකයට ආවේ සතුටින් ජීවත්වෙලා සතුටින් නික්ම යන්න.
– මුතුමුදලිගේ නිශ්ශංක
කවර නිර්මාණය : කලණ ගංගනාත්
සෝදුපත් පරික්ෂාව : මිතුනි යසාරා
පිටු සැකසුම : කාවින්ද්යා රත්නායක
* හොඳ පොත පෙර ඇණවුම් කාලයේදී පමණක් ඔබට රු 350කට ගන්න පුළුවන්. පෙර ඇණවුම් ජනවාරි 05 වෙනිදායින් අවසන්.
(මුද්රණ පිරිවැයත් සමඟ බැලුවොත් මේ පොත රු 750කට එහා මිල කල යුතු පොතක්. හැම පිටුවකම ආදර්ශ පාඨයක් එන නිසා පොතේ මුද්රණ පිරිවැය සාමාන්ය පොතක පිරිවැයට සමානයි. එහෙත් මට 500යකට වඩා මෙය මිල කරන්න බෑ.. මම හිතනවා මේ ගාන හැමෝටම දරන්න පුළුවන් ගානක් කියලා )
* පිටු 204ක්.
* සෑම පිටුවකම ආදර්ශ පාඨයක්.
* සෑම පිටුවකම ඔබේ සැලසුම් ලිවීමට තීරුවක් වගේම “එදිනෙදා කරන හොඳ වැඩ” වෙනුවෙන් තවත් තිරු දෙකක්.
* කවරය : ජැකට් කවරයක්.
* පොතේ ප්රමාණය ඔබ කියවන සාමාන්ය නවකතාවක ප්රමාණය (A5)
කොළයේ ඝනත්වයත් 70gsm.
* තෑගී දෙන අයට මුල් පිටුවේම ඔබේ නම සහා තෑගී ලෙස ලබාදෙන අයගේ නම් ලිවීමට තීරූවක්.
කෘතිය ජනවාරී 01 වෙනිදට කළින් දීමට හැකිවුවා නම් මම තවත්සතුටු වෙනවා. එහෙත් මුද්රණයට ගත වන කාලය නිසා එසේ කිරීමට හැකියාවක් නෑ.
පොත නිකුත් වෙන්නේ ජනවාරී 05 වෙනිදා. ( ඊට කලින් පොත් ලැබුණොත් 05ට පෙර පොත්මී ආයතනයෙන් කූරීයර් කරයි.)
කෘතිය තෑග්ගක් විදියට යවන එකක්නම් පොත්මී ආයතනයට යැවිය යුතු ලිපිනය දීලා තිබ්බොත් කූරියර් හරහා ඩිරෙක්ට් අදාළ තැනට යවයි.
Reviews
There are no reviews yet.