-25%

ජැකාස්

මෙය එක් පැත්තකින් ප්රබන්ධයකි. දරුණු දාම ඝාතකයෙක් ගැන කතාවකී. එහෙත් මෙහි යටි කතාව ‘ශ්රී ලාංකීය ප්රජාත්රන්ත්රවාදී දූපතේ ජීවත් වෙන සෑම කාන්තාවක්ම මුහුණ දෙන, අති වේදනාබර, දුක්ඛිත සිදුවීම් වලින් පිරුණු, ලංකාවේ ජීවත් වෙන සෑම මනුස්ස ප්රාණියෙක්ම වඩාත් හොඳින් අවධානය යොමු කල යුතු මාතෘකාවකී. ‘
✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
“ඔව්… සරෝජා දන්නවද අපේ රටේ ගැහැනු ළමයි බහුතරයක් මුලින්ම දූෂනය වෙන්නේ බස් රථ සහා කෝච්චි ඇතුළේ කියලා. දෙමව්පියන් දරුවන්ව ගෙවල් ඇතුළේ මල් වගේ ආරක්ෂා කලාට වැඩක් වෙන්නෑ ඒ ළමයි පාරට බැස්සම එක එක වලත්තයින් අතින් දූෂණය වෙනවනම්… කොටින්ම ආදරේ කරලා, ආදරේ කරන කොල්ලගෙන් සෙක්ෂුවල් ෆීලීන් එකක් විදිනවට වඩා අපේ දරුවන්ට වෙලා තියෙන්නේ අමන පඩත්තරයින්ට සැප දීලා උන්ගේ ආතල් එකට තමන්ගේ ජීවීතයෙන් වන්දි ගෙවන්න. කවුද සරෝජා ඕවා ගැන කතා කරන්නේ? කවුරුන්ම හරි පොලිසියට ඔය වගේ කේස් එකක් අරගෙන ආවොත් අපිට ඒවට නීතිමය පියවරක් ගන්න පුළුවන්, එහෙත් කෝ… පොලිසියකට එන්නෙත් එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් විතරයි… අනිත් හැමෝම කරන්නේ බස් කෝච්චි වල දූෂණය වෙලා ගෙවල් වලට ගිහින් හිතින් අඬන එක… එහෙම නැත්නම් නාන කාමරේට ගිහින් නාලා, ඒ වේදනාව ගලාගෙන යන වතුරත් එක්කම හිතින් අයින් කරලා දාන එක.”
✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
“ඔය මැඳ ඉන්න කෙනා ඉස්සරහට යනන්කෝ… අනේ මන්දා පුකක් දැක්කොත් එතැනම නවතිනවා… මුන්ටත් පුක් ගාය”
✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
“ඔන්න මතක තියාගන්න ළමයි, ඒ මිනිහා හිටියේ නිදාගෙන.. හැබැයි ඒක ඇත්ත නින්දක් නෙමෙයි, බොරු නින්දක්. ගොඩක් ලිංගික අපයෝජකයින් නිදි වගේ බොරුවට රඟපාන්නේ එතකොට ඒ අයට වැඩේ කරගන්න තවත් ලේසි වෙන නිසා සහ විශේෂයෙන්ම මොකක්ම හරි වෙලා ඒක අහුවුණොත් ‘නින්ද’ පිටින් දාලා බේරිලා යන්නත් පුළුවන් නිසා… ඕගොල්ලෝ මේක හොඳට මතක තියාගන්න ඕනේ තේරුණාද? නිදියගෙන නෙමෙයි ඒ මිනිහා මැරිලා හිටියත් ඕගොලන්ගේ ඇඟෙන් අල්ලනවනම් ඔයාලට නිකන් කටවහගෙන ඉන්න …. තහනම්… මොකක්ද?”
“තහනම් ටීච” ළමුන් සේරම කීවෙන්, අනුලා යළිත් “බොහෝම හොඳයි” යි පවසමින් ඉටගෙන සිටි ගැහැණු දරුවා දෙසට හැරුණා ය.
✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
ත්රාසය, භීතිය සහ කුතුහලය සමග මුතුමුදලිගේ නිශ්ශංකගේ නවතම සිනමාමය නිර්මාණය – ජැකාස්

රු735.00

In stock

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජැකාස්”