-30%

ලස්සන කෙටිකතා 50ක්

පසුවදන 2026.

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මම මේ පොත කවදාවත් මුද්‍රණය කරන්න හිතපු නැති කෙනෙක්. ඒකට හේතු කිහිපයක් තිබුණා.
ප්‍රධාන ම හේතුව වුණේ මේ මගේ මුල් ම කෘතිය. ඒ නිසා ම මම මේ කෘතිය මුද්‍රණය කළේ පිටපත් පන්සීයක් පමණයි. ඒ පිටපත් පන්සීය තියෙන්නේ පන්සීය දෙනෙක් ළඟ. ඒ අය සැබැවින් ම වාසනාවන්තයි. හේතුව ‘මුතුමුදලිගේ නිශ්ශංක’ කියන සිංහල භාෂාව ගැනවත් හරිහැටි අවබෝධයක් නැතිව ක්ෂේත්‍රයට පිවිස පාඨකයින් අතර අතීශය ජනප්‍රියත්වයට පත් කෘතීන් ලියූ, මගේ මුල් ම කෘතියේ පිටපත් පන්සීය තිබෙන්නේ ඔවුන් ළඟ ම විතරයි. ඊටත් වඩා ඒ පිටපත් පන්සීය කිසිදු සෝදුපත් පරික්ෂාවක් නොකර නිකුත් කළ පිටපත් ය. එය වීරකමක් නෙමෙයි. ඒත් ක්ෂේත්‍රයට පිවිසෙද්දි මගේ තිබුණු අඩු දැනුම, ලිවීමේ අඩුපාඩූ සේ ම මගේ අතීශය සරල බස්වහරත් එම පළමු මුද්‍රණයේ අඩංගුයි.
ඒ හේතුව නිසා ම මට ඕන වුණේ එම පිටපත් පන්සීය ඇති අයට ඒ වටිනාකම දෙන්න.
එහෙත් අවාසනාවට කල් යෑමේ දී ‘ලස්සන කෙටි කතා ක්’ කෘතියට ඇති ඉල්ලු‍ම වැඩිවෙන්න ගත්තා. වෙළඳපොළේ ලස්සන කෙටි කතා 50ක් කෘතිය රුපියල් තුන්දාහක් වැනි මිලකට විකුණන බවට මට පණිවිඩ ලැබෙන්නත්, පාඨකයින් ‘මමවත් නොවිකුණන මිල ගණන්වලට මගේ පොත් අලෙවි කරන එවන් අය ගැන මැසිවිලි නඟන්නත් ගත්තා.’
මෙය ලේඛකයාගේ පැත්තෙන් ඔහුගේ වාසනාවක් විය හැකියි. තමන් ජීවත් වී සිටිය දී ම තමන්ගේ කෘතියක් වැඩි මිලකට අලෙවී වීම ඒ කෘතියට දෙන මූල්‍ය වටිනාකමක්.
එහෙත් මම මගේ පාඨකයින්ව කවදාවත් හූරා නොකාපූ කෙනෙක්. මම හැම වෙලේ ම උත්සහ කළේ මට දෙන්න පුළුවන් උපරිම අඩු මිලට පොත් දෙන්න. සමහර පොත් මුද්‍රණ පිරිවැය ආවරණය කර ගැනීමට පමණක් මිල කළ අවස්ථා ද තිබෙනවා.
එහෙම කරපු මට රුපියල් තුන්දාහක් වැනි අගයකට මගේ කෘතියක් මිල කිරීමත්, මා වටා සිටින, මගේ පොත් ආසාවෙන් එකතු කරන, මගේ කෘතීන් ආදරයෙන් වැලඳ ගත් පාඨකයින් එම කෘතීන් එතරම් අධික මුදලකට මිල දී ගැනීමත් දරාගත නොහැක්කක්.
ඔබ මේ කියවන ලස්සන කෙටි කතා 50ක් නව මුද්‍රණය එළි දකින්නේ ඒ හේතුව මත. මෙය මම ඉතාමත් අසීරුවෙන් ගත් තීරණයක්. ලස්සන කෙටි කතා 50ක් කෘතියේ පී.ඩී.එෆ් පිටපතත් මා විසින් ම නිකුත් කර ඇති කාලෙක, පාඨකයින් යළි යළිත් මෙම කෘතිය මුද්‍රණය කරන්නැයි කියන ඉල්ලීම මට කිසිසේත් ම ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ ආදරයට, මගේ කෘතීන් කෙරෙහි ඔවුන් තුළ ඇති ඒ කුතුහලයට මම ඔවුන්ට ස්තූති පූර්වක විය යුතුයි.
මේ මුද්‍රණය ඔවුන් වෙනුවෙන් මම පිරිනමන ඒ හෘදයාංගම ගෞරවය වෙනු ඇති.
එහෙනම් රස විඳින්න. මේ මුතුමුදලිගේ නිශ්ශංක වන මා විසින් ලියූ මුල් ම කෘතිය.
“ලස්සන කෙටි කතා 50ක්”

Best Seller position

No. 4 in show Top 12

No. 1 in Biography

No. 3 in Crime

No. 2 in Fiction

No. 4 in Horror

No. 4 in Mystery

No. 1 in Romance

No. 1 in Short Stories

No. 1 in Spiritual

No. 4 in Thriller

SKU: MN98 Categories: , , , , , , , , Tag:

රු630.00

In stock

Best seller

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලස්සන කෙටිකතා 50ක්”