චන්දන කාරියවසම් මහතා විසින් වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියමවූ සිරකාරියක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මේ කතාව ගොඩ නගා ඇත…
මෙවැනි අති විශේෂ සිරකාරියකගේ ජීවිත කතාවක් ග්රන්ථයක් ලෙස මුඳ්රණය වී සමාජ ගතවන පළමු අවස්ථාව මෙය යි.
ඇය නැවත වතාවක් තවත් හැඩයකට රැවටුණාය. ගැහැනියක තම දැලට හසුකර ගැනීමට වලි කන විට දි පිරිමියෙකු නොකියන මුසාවක් නැති තරම්ය. පළමුව පාවා දෙන්නේ සිය බිරියයි. අනතුරුව බෝසත් චරිතයක් රඟ දක්වා ඉක්බිති සිහින ලෝකයක් මවයි. ගැහැණු සිතක දුක වගා කර හොඳ අස්වැන්නක් නෙළා ගත හැකි බව පැහුණු පිරිමි හොඳින්ම දන්නා කරුණකි.ඒ නිසාම සමහර පිරිමින් ගැහැනුන් දිනාගැනීමට දුක තැවරුණ මුසාබස් ප්රබල අවියක් ලෙස යොදා ගනිති.
(උපුටා ගැනීමකි / 61 වන පිටුව)
ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන අපූරුතම කෘතියක ‘ලුණු රස විදින්න”
Reviews
There are no reviews yet.