-31%

රහස් පරීක්ෂක හාමුදුරුවෝ Season 01 (New Print)

සිංහල සාහිත්යයේ රහස් පරීක්ෂක හාමුදුරුවන්ගේ ආගමනය.

ඔබත් මා මෙන්ම රහස් පරීක්ෂණ කතා කියවීමට රුචි පාඨකයෙක් ද? ෂර්ලොක් හෝම්ස්, පොයිරෝ නම් ප්රබන්ධ චරිත තුළ කුඩා කල සිට මුසු වූ බොහෝ පාඨකයින් රහස් පරීක්ෂණ කතා වලට බොහෝ කැමැත්තක් දක්වන බවට නිසැකය. ලෝකය පුරා කතුවරුන්ගේ කෘතිවලත් සිංහල භාෂාවෙන් රචිත ස්වතන්ත්ර රහස් පරීක්ෂණ කෘති වලත්, අනේක විද තරාතිරම් හි පුද්ගලයින් අබිරහස් විසඳයි. පොලිස් නිලධාරීන්, නීතිඥවරුන්, සාමාන්ය සිවිල් පුද්ගලයින් මෙන්ම වෛද්යවරුන් ආදී නොයෙක් වෘත්තීන්හි නියැලෙන්නන් හෝ රැකියාව ලෙස පෞද්ගලික රහස් පරීක්ෂණයෙහිම නියැලෙන්නන් අබිරහස් විසඳලන ආකාරය ඔබ කියවා ඇති.
නමුත්, ඒ සෑම කතාවකින්ම මෙම කෘතිය වෙනස් බව කෘතියේ නමින්ම ඔබට වැටහෙනවා ඇති.
අබිරහස් විසඳන හාමුදුරු නමක්!!
මෙම කෘතියේ ඇති විශේෂත්වය එයයි. බුදු දහම යනු ලාංකීය සමාජයේ මුල් බැසගත් දහමක් වේ. එසේම ඒ වටා ගොඩනැඟුනු සංස්කෘතික පදනමකින් හෙබි රටක් ලෙසත් ලාංකේය ජන සමාජය හඳුන්වා දිය හැකි ය. ඒ අනුව බැලීමේ දී බුදු දහමේ නියෝජිතයන් වන්නා වූ ගිහි ජීවිතයේ ලෞකික සැප සම්පත් වලින් මිදී පැවිදි දිවියට ඇතුළත් වූ හාමුදුරුවන් යනු ලංකාවේ ජන සමාජයේ සුවිශේෂී ස්ථානයක් ගනු ලබන කොට්ඨාසයකි. කතුවරයා තම කතාවේ මූලික චරිතය ලෙස ගෙන ඇත්තේ එවන් චරිතයකි.
සෑම කතාවකම ප්රධාන කතා නායකයා වන ‘ඇල්ලෙ රාධ’ නම් ස්වාමීන් වහන්සේ නම වටා මෙම කතා මාලාව ගොඩනැඟී ඇත. කතුවරයාගේ දහහත්වන මුද්රිත කෘතිය ලෙස නිමවන මෙම කතා එකතුව පාඨකයාට සුපුරුදු ශානරයක් තුළ දී පවා වෙනස්ම අත්දැකීමක් ලබා දීමට සමත් වනවාට නිසැක ය.
ගිහියන් හා කරට කර ගැටෙන මෙම ස්වාමීන් වහන්සේ තමා නියෝජනය කරනු ලබන දහම වන බුදු දහමට අයුතු වන යමක් සිදු නොකරයි. සෑම අවස්ථාවක දී ම ස්වාමීන් වහන්සේ නමකට කැප ලෙස, ගිහි ජීවිතයේ දී ගිහියන්ට එල්ල වන්නා වූ නොයෙක් ගැටලු වලින් සුසැඳි අභිරහස් වලට උන්වහන්සේගේ තීක්ෂණ නුවණින් පිළිතුරු සොයා ගැනීමට වෙහෙසන ආකාරය කතුවරයා තම කෘතියෙන් පෙන්වා දෙයි. මෙහිදී කෘතියේ මනාව පෙනී යන කරුණ වන්නේ, කතුවරයා විසින් ඉතාම සංයමයකින් බුදු දහමට යුතු වන ලෙස කෘතියේ සිදුවීම් ගැළපීමට සමත් වී ඇති බවයි.
01. දුම්මාගල සියදිවි නසා ගැනීම.
02. කැලෑ පන්සලේ අවතාරය
03. බෙරගල බංගලාවේ අභිරහස
04. රහස් පරීක්ෂක හාමුදුරුවෝ සහ බෝම්බ
ප්රහාරය
05. රහස් පරීක්ෂක හාමුදුරුවෝ සහ පිස්සු
ගැහැනිය
උක්ත සඳහන් වන්නේ කෘතියේ ඇතුළත් කතා පහ වේ. එකකට එකක් නොදෙවෙනි කතා පහක් වන මෙම කතා පහ පාඨකයා හට රහස් පරීක්ෂණ කෘතියකින් ලබන්නා වූ වින්දනය මනාව සපයයි.
කුතුහලය, ත්රාසය, භීතිය සහ විස්මය සේම ගැටලු නිරාකරණයේ දී එකින් එක විසඳෙන්නා වූ ආකාරය දක්ෂ අයුරින් රචනා කොට ඇත.
2025-06-24
ධනංජනී කාරියවසම් විසින් ලියු විචාරයකින් උපුටාගැනීමක්.

 

SKU: mn677 Categories: , , ,

රු680.00

In stock

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රහස් පරීක්ෂක හාමුදුරුවෝ Season 01 (New Print)”