Out of stock

වීනස්

ගොඩක් මිනිස්සුන්ට රාත්රිය කියන්නේ එයාලා ගත කරන දවසින් සුන්දරම කාලය. උදේ ඉඳන් හවස වෙනකන් වැඩ කරන මිනිස්සු රාත්රියට ගෙදර ඇවිත් තමන්ගේ බිරිඳවයි දරුවන්වයි තුරුළු කරගෙන නිදියගන්නවා.

ඒත් මට රාත්රිය කියන්නේ භයානක හීනයක් වගේ. මම නයිට් ක්ලබ් එකේ වැඩ කරන කාලේ හැමදාකම හවස හය වෙද්දි ක්ලබ් එකට යනවා. ඒ ගිහින් හත වෙද්දි ඇඳුම් මාරුකරගෙන වැඩ පටන් ගන්න ඕන. රස්සාවට වේටර් වුණාට සමහර වෙලාවට අපි ගණිකාවන්ටත් වඩා අන්තයි. ගණිකාවට තියෙන්නේ කකුල් දෙක පළල් කරලා ඇස් දෙක වහගන්න. ඒත් අපිට, අපි කොහොමද එහෙම කරන්නේ? ඇස් දෙක ඇරගෙන ඉඳිද්දිම පිරිමින් අපේ ඇඟ අතගානවා, තට්ටමෙන් අල්ලනවා, පියයුරු මිරිකනවා. කෙලින් හිටගන්නවත් බැරිවෙන තරමට අන්තෙටම පදම් වෙච්ච ඔවුන් උන්ගේ කුණු කෙළ පෙරාගත්තු තොල් වලින් අපිව ඉඹින්න හදනවා. ඒ වෙලාවල් වලට අතින් පයින් ඇනලා හරි කොහොම හරි බේරෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

ඒත් වී අයි පී කස්ටමර් කෙනෙක්නම් ඒකත් කරන්න බැහැ. ඒ තිරිසනා මොනවා කරත් කට වහගෙන ඉන්න ඕන. ගොඩක් වෙලාවට වී අයි පී ලා කරන්නේ නයිට් ක්ලබ් එකට ඇවිත් ටිකක් වෙලා පදම් වෙවී ඉඳලා කෙල්ලෙක්වත් තෝරගෙන හෝටලයකට එක්ක යන එක. ක්ලබ් එකේ නීති වලට අණුව ඒවට තහනමක් නැහැ. ඒත් සාමාන්ය කස්ටමර් කෙනෙක් එක්ක අපිට නිදාගන්න තහංචි. උන් අපිව ඇල්ලුවත් ගහලා හරි එතැනින් මාරු වෙන්න ඕන. ඒවට කිසිම නීති රෙගුලාසියක් නැහැ.

වීනස්
“ආදරයට කොහෙන්ද කෙල්ලේ අසම්මතයක්”

 

පිටු ප්‍රමානය 376යි

වීනස් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

රු910.00

Out of stock

Description

 

”සමන්තා”

”හ්ම්”

”මමත් ආසම සිංදුවක් තියෙනවා”

”මොකක්ද?”

ෆෙලී මගේ ඇස් දෙක දිහා බලාගෙන හිමිහිට මුමුනන්න ගත්තා… ඒක ඉංග්රීසී සිංදුවක් මට ඒකේ තේරුම තවමත් මතකයි.

“මට සමාවෙන්න
ඔයාගේ ජීවීතය රෝස උයනක් කරනවා කියලා මට පොරොන්දු වෙන්න බැහැ
සුන්දර වූ හිරු කිරනත් එක්කම
සමහර වෙලාවල් වලට
මහා වැසි වුනත් ඇද වැටෙන්න පුළුවන්
අපිට තියෙන්නේ ඒ හැමදේම විද දරාගෙන
ජීවත් වෙන්න”

“හ්ම්,” මම මිමුනුවා.

“අපි ජීවත් වෙමු හැමදේම විද දරාගෙන”

“ඔව් හැමදේම විද දරාගෙන,” එයත් එහෙම කියලා මගේ තොල් වලට ආයෙමත් හාද්දක් දුන්නා.

 

1 review for වීනස්

  1. Irundi perera

    පොත කියවන කම් මාත් හිටියෙ එක්තරා රාමුවකට කොටු වෙලා කියලා මටම හිතුණා .ලෙසිබියන් කියන වචනෙ ඇහෙද්දි හිරිකිතක් තිබුණා .ස්තූති වන්ත වෙනවා වීනස් ,රාමු බිඳලා විවෘත දෑසින් ලෝකය දිහා බලන්න මොළේට හොඳ ක්ලීනප් එකක් දුන්නා .කොටින්ම කිව්වොත් බ්‍රේන් වොශ් එකක් 🖤🖤🖤🖤🖤🖤

Add a review