-25%

පෝ

“එහෙත් පුතේ උඹ එකක් මතක තියා ගනින්,මම වුවමනාවෙන්ම නපුංසකයෙක් වුණේ නැහැ, ඉපදෙන්න ඉස්සර වෙලා දෙයියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙන්න ඕනෙද කියලා මම අනිවාර්යෙන්ම තෝරගන්නේ පිරිමි බව.

මටත් ඕනේ ඒ විදියට ජීවත් වෙන්න. එහෙත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි.මේ මම ඉපදුනු විදිය. එහෙත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළු‍‍වන්කම තියෙද්දිත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා”‍

පෝ කෘතියෙහි මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

පිටු ප්‍රමානය – 280

නිකුත් කල වර්ෂය –  2021

රු900.00

In stock

Description

මම ඉපදුනේ කොටහේනේ. මගේ අම්මා තාත්තයි දෙන්නම ඒ ප්‍රදේශයේම අය. පොඩි කාලේ මම හිතලා තියෙනවා අපිට ගමක් තිබ්බනම් හොදයි කියලා. මොකද කොටහේන කියන්නේ අතීශයින්ම ජනාකීර්න ප්‍රදේශයක්. එහෙත් එහෙම ප්‍රදේශයක ඉපදුනු එකත් මම ලබපු ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය නිසාම කුඩා කල පටන් මම විවිධ ජාතීන් වලට අයත්, විවිධාකාර ජීවන රටාවන්ගෙන් යුත්, වෙනස්ම විදියේ මිනිසුන්ව ආශ්‍රය කරලා තියෙනවා. දුප්පත් පෝසත්, දරුනු අහිංසක, මැර නොමැර හැම වර්ගයකම මිනිසුන් සමග ජීවත් වෙලා තියෙනවා.

කොහොම හරි, ඔය කාලේ තමයි මට ශෂීව මුන ගැහෙන්නේ. ශෂී කියන්නේ අපේ පැත්තෙම ජීවත් වුනු දෙමළ කොල්ලෙක්.

කොල්ලෙක් වුනත් ශෂී ඇවිදින්නේ කතා කරන්නේ හැමදේම කාන්තාවක් විදියට.

පොඩි කාලේ මට මතකයි ශෂී පාරේ ඇවිදිද්දි මිනිස්සු විහිළු කරනවා, “පෝ” කියලා කෑ ගහනවා. සමහරු ගල් පවා ගහනවා.

ශෂීට මිනිසුන් විහිළු කරපු ඒ “පෝ” කියන නම යොදාගෙන මම මගේ 9 වෙනි කෘතිය බිහිකරනවා.

පෝ කියන්නේ මම මෙතෙක් ලියූ කෘතීන් වලින් මම අතීශයින්ම ප්‍රිය කරන පොතක්. එහි පිදුමේ ලියුවාක් සේම

“පෝ, අප මෙන්ම ඇට ලේ මස් වලින් සෑදූනු, සමාජය “නපු\සකයින්” නමින් හදුන්වන ඒ දයාබර මනුස්ස කොට්ඨාශය වෙත” ලියූ කෘතියක්.

පෝ ගැන ඉදිරියට මිනිසුන් තවත් කතා කරයි. මා එය විශ්වාස කරනවා.

අද ශෂී ජීවත් වෙනවද, ඔහු මියගිහින්ද, එසේ නැතහොත් ඔහුව සමාජය විසින්ම මරා දැම්මාද මේ කිසිවක් මා දන්නේ නැහැ. එහෙත් පෝ කියවන කවරෙකු හෝ වේවා ශෂී වැනි අනිත් අයට කිසිදාක විහිළුවටවත් ගලක් නොගසාවී යැයි මා සිතනවා.

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෝ”