Additional information
Weight | 0.2 kg |
---|
පාඨකයින්ට සිනමා නිර්මාණයක් නැරබුවා බදු කියවීමක් ලබා දෙන අපූරු කතුවරයෙකු ලෙස මෙතුමා හදුන්වා දිය හැකි ය. මේ එවන් තවත් සිනෙ රූ සිතෙහි මවන කෘතියක් මට හැගුන අන්දමයි.
කොළඹ ප්රහාරය වූ කලී කතුවරයාගේ ප්රබන්ධයක් වුව ද චිත්ත රූප මැවෙන ලෙස ද වචනෙන් වචනය කුතුහලයෙන් අනූන ලෙස රචිත කෘතියකි. ත්රාසජනක ශානරයේ කතා පුවතක් වන මෙය අවසානය දක්වාම කුතුහලයෙන් රසවිදිය හැකි කෘතියකි.
මේජර් ලතීෆ් මොහොමඩ් කොළඹ නාකොටික් මූලස්ථානයට අනුබද්ධව සේවය කළ පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ දක්ෂ නිලධාරියෙකි.කතාවෙහි ප්රධාන චරිතය මොහු වන අතර මොහුගේ දක්ෂ කම,චරිත ලක්ෂණ මට සිහි ගැන්වූයේ බුද්ධි බලකායේ අති දක්ෂයෙකු වූ කපිතාන් එස්. එච්. එම්. නිලාම් රණවිරුවායි.
මේජර් ලතීෆ් වැනි දක්ෂ නිලධාරීන්ගේ අපරිහිත කැපකිරීම කතාව පුරා කතුවරයා විසින් මනාව ගෙන හැර පා ඇත.
දුර්ගා, වික්රම් වැනි දක්ෂ මෙන්ම රට දැය වෙනුවෙන් කැප වූ නිලධරුවන් අතීතයේ සිටි රණවිරුවන් සිහි ගන්වයි.
අන්තවාදයෙන් නූතනයේ ද බැට කන රටක් ලෙස ලඔකාව හදුනා ගත හැකි ය. පාස්කු ප්රහාරය වැනි කුරිරු ප්රහාර වූ කලී අන්තවාදයෙන් මුලා වූවන් එල්ල කළ බිහිසුණු ප්රහාරයකි.කතුවරයා කාලයට උචිත ලෙස කෘතිය පුරාම අන්තවාදයේ බිහිසුණු බව මනාව දක්වා ඇත.තම තමන්ගේ පුද්ගලික ආසාවන් මුදුන් පමුණුවා ගැනීමට මල් කැකුළු වන් දරුවන්ගේ සිතුවිලි පවා වෙනස් කිරීමට තරම් අන්තවාදී ත්රස්තවාදීන් ම්ලේච්ඡ වී ඇත.
හෆීස්, ෂිහාරා, සුෆී, නජීරා , අලී සේම ඔවුන්ගේ කිසිත් නොදත් කිරිසප්පයින් පවා වෙනෙකුගේ අතකොළු බවට පත්ව නැටවෙන්නේ අන්තවාදයේ බිහිසුණු බව තව තවත් පසක් කරමිනි.
කොළඹ නගරයේ මරමස්ථාන කිහිපයකට එල්ල වන්නා වූ මරාගෙන මැරෙන ප්රහාර.අවසන් ප්රහාරය පෙර ප්රහාර වලටත් වඩා අන්ත ලෙස එල්ල වන බවට IS ත්රස්තවාදීන්ගෙන් නිවේදනයක්..
ලතීෆ්, නඩේ, ලාල්, ටීබී ,නවීන් ඇතුළු පොලිස් නිලධාරීන්ට මේ බිහිසුණු ක්රියාවලිය අඩපණ කිරීනමට හැකිවේද…
ලොම් ඩැහැගැන්වෙන “කොළඹ ප්රහාරය” කියවීමට ඔබටත් ආරාධනා..
රු910.00
In stock
Reviews
There are no reviews yet.