Additional information
Weight | 0.5 kg |
---|
ජීවීතයේ තවත් කඩඉමක්. මම සිංහල සාහීත්යට ‘රහස් පරීක්ෂක හාමුදුරු” නමක් ගේනවා. “ඇල්ලේ රාධ” ඒමත් නැත්නම් අපේ රහස් පරීක්ෂක හාමුදුරුවෝ.
මේ රහස් පරීක්ෂක හාමුදුරුවෝ කතා මාලාවේ මුල්ම කෘතිය. මෙයින් පසුව රහස් පරීක්ෂක හාමුදුරුවන්ගේ වික්රමාන්විත කතා 50කින් යුත් “රහස් පරීක්ෂක හාමුදුරුවෝ” තවත් කෘතින් 10යක් මුද්රණය වනු ඇති. බොහෝ විට රහස් පරීක්ෂක හාමුදුරුවෝ ඉතිරි කෘතීන් 9ය මට ලබන වසර තුන ඇතුළත නිකුත් කිරීමට හැකියාව ලැබේවී.
මෙය රූපවාහීනී නාට්යක ස්වරූපයෙන් නිර්මාණය කෙරුණ රහස් පරීක්ෂක කතා පහකින් යුත් කෘතියක්.
සිනමාමය ආකෘතීන් 20ස්සකට ආසන්න පොත් ප්රමාණයක් ලියූ මට මෙය අලුත්ම අත්දැකීමක්. මේ මම “කවදාක හෝ රූපවාහිනි තිර රචනයක් කිරීම උදෙසා ම නිර්මාණය කරන පළමු කෘතිය” – ඒ නිසාම මෙම කෘතිය කියවන ඔබටත් ” ටෙලිවිෂනය ඉදිරියේ ටෙලිනාට්යක් බලන ආකාරයටම” දර්ශන මවා ගනිමින් එය රසවිඳීමට ලැබේවී.
– එසේම මෙය බෞද්ධ සාහිත්ය සහ රහස් පරීක්ෂක කතා සාහිත්ය එකතුකොට මා විසින් ගොඩ නැඟූ පළමු කතාව. එය සිංහල සාහීත්යයේ පළමු කතාවදැයි මා නොදන්නා නිසාම මා ඔබෙන් ඉල්ලීමක් කරනවා “මීට පෙර රහස් පරීක්ෂක හාමුදුරුවන් කෙනෙකු සම්බන්ධ කතාමාලාවක් සාහීත්ය තුළ ගොඩනැඟී ඇත්නම් ඒ ගැන පහතින් සටහනක් යොදන ලෙස”.
මම නිරන්තරයෙන්ම අලුත් දෙයක් නිර්මාණය කිරීමට උත්සහා කළ කෙනෙක්. ජීවීතයේ මා ගෙවන සෑම මොහොතක්ම තවත් කෙනෙකු හෝ අදහසක් මත නොයැපී මගේම සංකල්පයක් සමාජ ගත කිරීමට උත්සහා කළ කෙනෙක්. මෙයත් ඒ හා සමාන ම අලුත් ප්රයන්තයක්. බෞද්ධ සාහීත්ය සහ රහස් පරීක්ෂක කතා සන්දර්භයන් එකට මිශ්ර කරමින් “සිංහල සාහිත්ය වෙනුවෙන් රහස් පරීක්ෂක හාමුදුරුවන් කෙනෙකු ” ලබා දීමේ නවමු සංකල්පයක් සහ උත්සහයක්.
සමලිංගිකත්වය, ආගමික මිථ්යාව, දේශපාලන, සාමාජීය අරගල, අපරාධ, භීෂණාත්මක, ප්රහසන වැනී විවිධ ශානරයන් හී කෘතින් අත්හදා බැලූ මට මෙය තවත් අලුත් අත්දැකීමක්. මේ අත්දැකීම තවත් ශක්තිමත් වෙන්නේ, මම තවත් දෑ සොයා යෑමට පටන් ගන්නේ, සහ මේ කෘතියෙන් සිදුවූ අඩුපාඩු සකසා ගනිමින් මීටත් වඩා වෙනස්ම පරිකල්පනයන් හබා යන්නේ ඔබෙන් ලැබෙන ආශිර්වාදය සේම මගේ කෘතීන් සදහා ලැබෙන මඩ, අපහාස සහා විවේචන තුළින්.
ඒ නිසා ඔබේ පැසසුම් සේම කෘතිය නිකුත් වීමටත් පෙරාතුව ම කිසිවෙකු හෝ “මුතුමුදලි බෞද්ධ සාහිත්යත් විනාශ කරන්න ඇවිත්” වැනි අභිමානවත් පෝස්ටුවක් දමා මාව දිරිමත් කළොත් මම එයිනුත් අප්රමාණ ලෙස සතුටු වෙනවා.
රහස් පරීක්ෂක හාමුදුරුවන් මම මෙතැන් සිට ඔබට භාර කරනවා. මේ මගේ මුල්ම නාට්ය මාලාව. කතා 50කින් පොත් 10යකින් යුත් රහස් පරීක්ෂක හාමුදුරුවෝ මුල්ම කෘතිය..
කවදාක හො නාට්ය මාලාවක් ලෙස නිර්මාණය කිරීම උදෙසාම මා මෙය ලියූ නිසාවෙන් මෙම කෘතිය “රහස් පරීක්ෂක හාමුදුරුවෝ Season 01 ” ලෙස ඔබ වෙතට පැමිණේවී.
රු580.00
In stock
Reviews
There are no reviews yet.