පොතක් ලියන්නේ කෙසේද? වස්තු බීජයේ සිට කතාව ගොඩනැගීම දක්වා

පොතක් ලියන්නේ කෙසේද?

වස්තු බීජයේ සිට කතාව ගොඩනැගීම දක්වා

(මෙම ලිපිය සම්පූර්නයෙන්ම මගේ අත්දැකීම් මත ලියන එකක් වන අතර කිසිම මූලාශ්රයක් උපයෝගී කරගන්නේනැත. ඒ නිසාම ලිවීමේදී මා අනුගමනය කරන පුද්ගලික සිදුවිම් පවා මෙයට ඇතුලත් වනු ඇත. ලේඛනයෙහි නියුතු ඔබටත් මෙහින් ගත් හැකි යමක් හමුවේ යැයි මා විශ්වාස කරමී)

 
1- වස්තු බීජය
නිර්මානයකට අදහසක් එන්නේ පුදුමාකාර විදියට. එය යමක් දැකීමෙන්, සිදුවීමෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ එක්වරම සිතෙන අදහසක් විය හැකියි. උදාහරනයක් ලෙස රෝව්ලින්ට හැරී පෝටර් කෘතිය පිළිබදව අදහස එන්නේ ඇය දුම්රියක ගමන් කරමින් සිටියදී වන අතට ස්ටෙපාන් කිංග් “ද ෂයිනින්” කෘතිය රචනා කරන්නේ කොලරාඩෝ ප්රාන්තයේ ඒ ආකෘතියම ඇති හෝටලයක නවාතැන් ගෙන සිටියදීය.
සමහර කතා වලට වස්තු බීජයන් වෙනත් අයෙකුගේ අදහසක් හෝ අත්දැකීමක් මතත්, එසේ නැතහොත් තම ජීවීතයේම අත්දැකීමක් තුලින් මතු විය හැකි අවස්ථාද ඇත.
උදාහරනයක් ලෙස මා විසින් ගෝහාර් කෘතිය රචනා කලේ මාගේ බිරිද විසින් කියූ කතාවකට අනුව වන අතට, එහිම මීෂා කෘතිය රචනා වන්නේ “ඇමෙරිකානූ තානාතිපති සේවයේ නියුතු කාන්තාවක් විසින් කියූ කතාවක් මූලාශ්ර කරගෙනයි”
මේ ආකාරයෙන් විවිධ සිදුවීම්, අත්දැකීම්, හෝ සිතුවිලී කේන්ද්ර කොටග්ගෙන ඇතිවෙන වස්තු බීජය ඕනෑම අනපේක්ෂිත මොහොතක පවා ඔබේ මනසට ඇතුල්විය හැකිය.
ප්රශ්නය වන්නේ – ඔබ එය කුමනාකාරයෙන් පිළිගැනීමට සූදානම්ද යන්නයි, සමහරු මෙවන් සිතුවිල්ලක් ආ විට ඒ පසු පස හබා ගොස් එය කෘතියක් බවට පත් කරද්දි තවත් සමහරු එය නිකන්ම නිකන් සිතුවිල්ලක් ලෙස බැහැර කර දමයි.
 
 
2 – පිළිගත හැකි, සහා ගොඩනැගිය හැකී වස්තු බීජයක් මනසට ආ කල එහි දෙවන පියවර ලෙස මා අනුගමනය කරන්නේ “එම වස්තු බීජය ගැන දළ සටහනක් ගොඩ නැගීමයි” මේ සදහා ” Story Ideas ” ලෙසින් නම් කරන ලද සටහන් පොතක් මා භාවිතා කරන අතට ඕනෑම මොහොතක මගේ මනස තුල සටහන් වන එවන් කතා බීජයන් මා එහි සටහන් කර ගනිමි. ඒවායින් සමහර ඒවා වසර කිහිපයක් ගිය පසුව හෝ උපකාරි වන අවස්ථා මා අත්දැක ඇත්තෙමී.
 
3- කෘතියක් නිර්මානය කිරීමේදී එහි වස්තු බීජය මත පදනම්ව කතාව සාරාංශ කරගත් පසුව ඊලග කොටස එහි “චරිත” ගොඩනැගීමයි. මා සිනමාවට දැඩි ලෙස ඇලුම් කරන නිසාවෙන් මෙහිදි මා සරළ උපක්රමයක් භාවිතා කරමි. ඒ මා සිනමාවේ දුටු, මා ප්රිය කරන නළු නිළියන් චරිත තුලට ආරෝපනය කොටගෙන එය මා විසින් ගොඩ නගන තනි සිනමා සිතුවමක් බවට පත් කිරීමයි.
මෙහිදී ඔබ ප්රවේසම් විය යුතු තැන් කීහිපයක් ඇත, එනම්
ඔබ ආදේශ කරගන්නා නළු නිළියන්ගේ රූපය මිසක ඔහුන් සිනමාවේදී භාවිතා කල වචන හෝ දර්ශනයන් එයට ඈදා ගත යුතු නැත.
(මෙය මා පුද්ගලිකව කරන දෙයක් නිසාවෙන් එය ඔබද කල යුතු යැයි මා සිතන්නේ නැත. එහෙත් එසේ කිරීම සිනමාමය රූපයන්ගෙන් යුත් ප්රභල නිර්මානයක් ගොඩ නැගීමට රුකුළක් වනු ඇතැයි මා සිතමි.)
 
 
4 – චරිත මවා ගැනීමෙන් පසුව ලේඛකයා තවත් වැදගත් තීරණ කිහිපයක් ගත යුතුය. එහින් ප්රධානම දෙක වනුයේ “කෘතියට අදාල වන වයස් සීමාව” සහා “එහින් කතා කරනු ලබන සමාජ කොට්ඨාශය” යි.
ළමා කත පොතක් ලිවීමේදී වයස් සීමාව සහ ඊට අනුකූලව කෘතිය රචනා කල යුතු අතර මෙහිදී ලේඛකයා තමන්ටත් පාඨකයින්ටත් අවංක විය යුතු යැයි මා සිතමී.
උදාහරනයක් ලෙස – ත්රිත්ව සහා බේබී යන කෘතීන් මා 18 + ලෙස වර්ග කල අතට, ඒ ආකාරයේම ලිංගිකත්වය පිළිබදව කතා කරන සමහර සිංහල කෘතීන් එලෙස වර්ග කරනු මා දැක නැත.
ලේඛකයා කෘතිය තුලින් කතා කරන සමාජ කොට්ඨාශය ගැන පොත ලිවීමට පෙරම තීරනයක් ගැනීමෙන් එය ලිවීමේදී යා යුතු පරාසය පිලිබදවත් නිගමනයකට පැමිනිය හැක.
 
 
5 – කතා පුවරුව- Story Board මෙය මා බොහෝමයක් කෘතීන් සදහා අනුගමනය කල පුද්ගලික දෙයක් වන අතර ඒ තුලින් ගොඩ නැගූ කෘතීන්ද බොහෝ සාර්ථක විය.
(කතා පුවරුව ගොඩ නැගීම ගැන වෙනම කතා කල යුතුය. එහි කොටස් වෙන් කිරීම, ජායාරූප භාවිතය, ත්රේඩ්ස් ඇදීම, පාට භාවිතය, තොරතුරු රැස් කිරීම වැනිදෑ ගැන දීර්ඝව කතා කල යුතු නිසාවෙන් එය මා වීඩීයෝවකින් පසුව ඉදිරිපත් කරමි)
 
5 – වස්තු බීජයේ සිට, දළ සටහන, චරිත, සිදුවීම්, සාරාංශය සහා කතා පුවරුව නිම වු පසුව දැන් ඇත්තේ එය “ක්රියාවට” නැගීමයි. මෙය මා “Self Projection” නමින් හදුන්වන අතට එහිදී කතාව ලියා අවසන් කරන කාල සීමාව, දිනකට යොදන කාලය, දවසේ කුමන කාලයක් කතාවට උචිත වේද යන කරුනු තීරනය කරනු ලබයි.
උදා හරනයක් ලෙස මා “Horror” ඝනයේ කෘතියක් සදහා බොහෝ විට රාත්රි කාලය භාවිතා කරමි. අනිකුත් කෘතීන් සදහා උදෑසන පැය දෙකක කාලයක්ද, අතිරේකව ඉඩ ලැබුනහොත් තවත් පැයක කාලයක්ද යොදා ගනියි.
 
6 – කතාව ගොඩනැගීමේදී මා එය කොටස් තුනකට වෙන් කර ගනිමි. මම කෘතිය සිනමාරූපීව ඉදිපත් කිරීමට උත්සහා කරන නිසාවෙන් එහි මුලාරම්භය, Climax නැතහොත් උච්චය සහා අවසානය ලෙස තුනකට වෙන් කරගන්නා අතර… පුද්ගලිකව, කතාව නිරන්තරයෙන්ම “උච්ච ආරම්භයකින්” ඇරඹීමට වෑයම් කරමී.
“මගේ බොහෝමයක් කෘතීන් කතාව ආරම්භයේ එය උච්ච බවින් යුක්ත වන්නේ ඒ නිසා වන අතර එය පාඨක ආකර්ශනයට සහා පාඨකයා පොත කෙරෙහි ඇද තබා ගැනීමටත් රුකුලකී”
 
 
7 – ලේඛකයෙක් කතාව ඉදිරිපත් කරන ආකාරය එකිනෙකට වෙනස්ය. එය සෘජුවම ඔබේ කැමත්ත සහා හැකියාව මත තීරනය වන දෙයක් අතර ඒ ගැන පූර්න තීරන ගැනීමේ අයිතිය ඔබ සතුය. එහෙත් කතාව ගොඩ නැගීමේදී ඔබ චරිත, සිද්දීන් සහා දෙබස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතුය.
පුද්ගලිකව, මා කෘතියක පරිච්චේදයන් සකසද්දී එම සෑම පර්ච්චේදයකම අවසානය ඊලග පරිච්ජේදය කෙරෙහි කුතුහලයක් ඇතිවන ආකාරයට සැකසීමට වෑයම් කරමි.
 
අවසන් වශයෙන් –
මෙය මා දැඩි ලෙස විශ්වාස කරන පුද්ගලික දෙයකී.
ඔබ කිසිසේත්ම තවත් කෙනෙකු සේ විය යුතු නැත, ඔහු හෝ ඇය අනුගමනය කරන ශෛලය ඔබත් අනුගමනය කල යුතු නැත. කොටින්ම “ලංකාවේ සම්මත වූ පොත් ආකෘතියට” අනුව ඔබ පොත් ලිවිය යුතුත් නැත.
මා සෑම විටම කියන්නාක් මෙන් ලේඛකයා හිස් ආකාශයක සිතුවමක් කරන්නෙක් සේ විය යුතුය. ඒ ආකාශය හිස්ය. එය හැඩ කලයුත්තේ ඔහුය. ඒ තව කෙනෙකු කියන පරිද්දෙන්වත් සමාජය හෝ කිසිවෙක් සම්මතයක් ලෙස හදුන්වා දී ඇති පරිද්දෙන්වත් නොව තම අභිමතය සහා නිර්මානයේ අවශ්ය තාවය මතය.
උදාහරනයක් ලෙස මගේ කෘතීන් වල ආකෘතිය දෙස ඔබ බැලුවහොත් ඒ ආකෘතිය සිංහල සාහිත්යයේ ඇති වෙනම ආකාරයක ආකෘතියක් යැයි ඔබට හැගෙනු ඇත.
– මගේ පොත් වල කතු වැකිය ඇත්තේ අවසානයෙනි
– මා ලියූ බොහෝ පොත් වල මැද පිටුවෙහි විවේකයක් ඇත
– එසේම පොතේ පිදුම, සහා අනිකුත් තොරතුරුත් වෙනස් පිටු වලට යොදා ගත් තැන් බොහෝය.
– අනිකුත් පොත් ආකෘතීන් වලින් බැහැරව ගිය වෙනස්ම අකෘතියක් මා අනුගමනය කරන අතර මා මෙතෙක් ලියූ පොත් සියල්ලෙහිම ආකෘතින් එකිනෙකට වෙනස්ය.
 
ලේඛයයා අනිකුත් මතවාදයන්ගෙන් මිදී ස්වාධීන සහා විවෘත වන තරමට ඔහුගේ නිර්මානයේ ගුනාත්මක තාවය වැඩි වේ යැයි මා සිතමි. ඒ නිසාවෙන් කිසිවෙකු හෝ ඔබට යම් ආකෘතියක් පෙන්වා “මේ නිවැරදි ආකෘතිය, පොතත් මේ ආකාරයෙන් ලියන්න, පිටු මේ ආකාරයෙන් සකසන්න” යැයි පැවසුවහොත් එය සිනහවකින් මග හරිනවද, ඔබේ නිර්මානයත් ඒ ගොඩටම දමනවාදැයි තීරනය ගැනීම ඔබට භාරය.
අවසන් වශයෙන් යළිත්, මේ මා කිසිවෙකුගෙන් අසාගත් හෝ මූලාශ්ර වලින් සොයාගත් කරුනු නොව මගේ අත්දැකීම් තුලින් ගොඩනැගූ කරුනුය. ඒනිසාවෙන් මේවායින් ගත හැකි යමක් ඇත්නම් එය ගන්න. නැතහොත් බැහැර කරන්න.
තීරණය ඔබ සතුයි.
නිරන්තරයෙන්ම විවෘත පුද්ගලයෙක් වෙන්න, ස්වාධීන වන්න, අන් අදහස් වලට ඇහුම් කන් දෙන්න එහෙත් ඒවා පිළිගැනීමට පෙර සිතන්න.
මේ සරළ හදුන්වාදීමක් පමනක් වන අතර ඔබට සවිස්තරාත්මකව පොත් ලිවීම පිළිබදව තොරතුරු දැන ගත යුතුනම් ඒ සදහා මුලාශ්ර, වීඩීයෝ, කෘතීන් බොහෝමයක් ඇති එහින් ඒවා ගැනත් අවධානයක් යොමු කරන්න.
 
– මුතුමුදලිගේ නිශ්ශංක

Share your thoughts